www.astrovisionlanka.com

Thursday, December 22, 2016

2017 ලග්න පලාපල

2017  වසර ඔබට බලපාන්නේ කොහොමද?


2016 අපේ‍්‍රල් මස 13දා අපර භාග 7.48ට උදාවන්නාවූ නව වසර ඔබට කොහොමද? තාරකා විද්‍යා ගවේෂක පාරම්පරික ජ්‍යෝතීර්වේදී ඉන්දික බෙන්තරවිතාන මහතා විසින් ගෙන එන නව වසරේ ලග්න පලාපල විස්තරය.

මේෂ ලග්නය

මේෂ ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුද්ද තුලදී දැඩි කැපවීමෙන් ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප‍්‍රයෝජන අත්වේ. වෙනදාට වඩා වෙහෙස වීමට කැප වීමට සිදුවන කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට, පර්යේෂණවල නිරත වන්නන්ට වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර ඒ තුළින් අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීමට හැකිවේ. උදාවූ මෙම අලූත් අවුරුද්ද තුළදී වැඩ කටයුතු අධික බව මානසික ආතතිය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. රැුකියා කටයුතු කෙරෙහි දුශ්කරතා ඇතිවන කාලයකි. අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත කරුණු ආදියට මුහුණ දීමට සිදුවේ. පවතින ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. එතෙක් කාලය ගැටළුකාරී විය හැක. සන්ධි ආශ‍්‍රිත අසනීප, අස්ථි සම්බන්ධ අසනීප තත්වයන් මතුවිය හැක 2017 ජනවාරි 26න් පසු තත්වය යහපත් වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමි ඔබට උදාවන අලූත් අවුරුද්ද තුළදී ආර්ථික වශයෙන් ලාභ ගෙනදෙයි. රැුකියාවේ ප‍්‍ර‍ගතියක් ඇතිවන කාලයකි. නව නිවාස තැනීමට, මිලදී ගැනීමට හැකියාව ලැබෙයි. සුවපහසු ස්ථානවල පදිංචි වීමට, අලූත් වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. 2016 අගෝස්තු මස 11 වන දිනෙන් පසුව තම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිදුවෙයි. ඔවුන්ගේ ප‍්‍රගතියක් ඇතිවන කාලයකි. වෘෂභ ලග්න හිමි අවිවාහක අයගේ විවාහ මංගල කටයුතු ප‍්‍රමාද කරයි. පවුල් ජීවිතයේ සමගිය හා තෘප්තිය තරමක් අඩු කාලයකි. විවාහ මංගල කටයුතු කෙරෙහි පවතින අවහිර තාවයන් 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. නමුත් එතැන් සිට ඔබට ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් ආරම්භ වෙයි. ඉන්පසු තත්ත්වය තරමක් අයහපත් වනු ඇත. බලාපොරොත්තු නොවන අවස්ථාවලදී හදිසි අනතුරු, ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. තුනටිය ආශ‍්‍රිත අසනීප, රුධිරය සම්බන්ධ අසනීප ඉස්මතුවිය හැකි කාලයකි.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාව යහපත් ප‍්‍රතිඵල ගෙනදෙයි. ඔබගේ සහජ දක්ෂතාවයන් කුසලතාවයන් ඔප්නන්වා ගැනීමට හැකිවන කාලයකි. ඔබගේ කීර්තිනාමය පැතිරෙන අතර ප‍්‍රසංශාවන් අසන්නට ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු වල නිරත වන්නන්ට සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙයි. 2016 අගෝස්තු මස 11 වන දිනෙන් පසු පදිංචියේ වෙනසක් සිදුවිය හැක. නැතහොත් සුවපහසුවේ වර්ධනයක් ඇතිවෙයි. නවීන වාහන නිවාස මිලදී ගැනීමට යොමුවන කාලයකි. අවිවාහක අයට ගැලපෙන විවාහ මංගල යෝජනා ලැබෙයි. නමුත් ඒවා 2017 ජනවාරි 26 වන දිනට ප‍්‍රථමයෙන් ස්ථීර විය යුතුය. එදිනෙන් පසු විවාහ මංගල කටයුතු කෙරෙහි බාධා ඇතිවිය හැකිය.මෙම කාලය තුළ ගුප්ත කටයුතු, ජ්‍යෝතිෂ්‍යය වැනිදෑ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනු ඇත. නමුත් ආගම දහම කෙරෙහි පැහැදීමක් ඇති නොවෙයි. තම වයස්ගත ඥාතියෙකුගේ වෙන්වීමක් සිදුවන කාලයකි.

කටක ලග්නය

කටක ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාව මුදල් ලැබීමේ තත්ත්වය යහපත් කරයි. ලැබීම් තත්ත්වයේ ඉහළ යාමත් සමග මුදල් වැයවීමද වැඩි කාලයක් වන බැවින් ඉතිරිකිරීම් තරමක් අඩුවෙයි. බලාපොරොත්තු නොවන මුදල් වැයවීමක් ඇතිවන කාලයකි. 2016 අගෝස්තු 11න් පසුව ලැබීම් තරමක් අඩුවන අතර වියදම් වැඩිවීමක් සිදුවිය හැක. අධ්‍යාපනය ලබන අයට තරමක් දුෂ්කරතා මධ්‍යෙය් කටයුතු කිරීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි ධනයක් සහ වැඩි කාලයක් වැය කිරීමට සිදුවෙයි. අගෝස්තු 11 වන දිනෙන් පසු අධ්‍යාපන කටයුතු වල ප‍්‍රගතියක් ඇතිවෙයි. 2017 ජනවාරි 26න් පසු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවති බධාවන් සම්පූර්ණයෙන් ඉවත්වෙයි. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ඇතැම්විට ඔවුන් නිසා සිතට දුකක් ඇතිවිය හැක. සමේ අසනීප තත්ත්වයන්, රුධිරයේ සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන අසනීප තත්ත්වයන් මතුවන කාලයකි.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමි ඔබ මෙම අලූත් අවුරුදු උදාවත් සමගම සෘජු තීරණ මත, තනි තීරණ මත කටයුතු කිරීමට යොමුවෙයි. විශේෂයෙන් අන් අයගේ අදහස් වලට ඇහුන්කන් නොදෙනු ඇත. එම තත්ත්වය මත ගෘහ ජීවිතයේ ගැටළු මතුවිය හැක. ඔබගේ සහකරු සහකාරිය සමග සිත් අමනාපකම් ඇතිවිය හැකි කාලයකි. නිවාස වාහන නඩත්තු කිරීම සඳහා ධනය වැයවන කාලයකි. 2017 ජනවාරි 26 වන දිනෙන් පසු පදිංචියේ යහපත් ආකාරයේ වෙනසක් සිදුවිය හැක. එදිනෙන් පසු සුව පහසුවේ වර්ධනයක් ඇතිවේ. තම මවට තරමක් අයහපත් කාලයකි. මෙම කාලය තුළ ඔබට අලූත් මිතුරන් හඳුනාගැනීමට අවස්ථාව උදාවෙයි. නිතර නිතර උත්සව සහ ප‍්‍රිය සම්භාෂන අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි. 2017 ජනවාරි 26න් පසු අධ්‍යාපන කටයුතු වල නියුතු අයට දුශ්කරතා ඇතිවිය හැක. එම කාලය තුළ දරුවන්ගේ කටයුතු වලට වෙහෙස වීමට සිදුවෙයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාවෙන් පසු වැඩියෙන් මුදල් වැය කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු නොවන අවස්ථා වලදී මුදල් වැය කිරීමට සිදුවෙයි. 2016 අගෝස්තු 11න් පසු ඔබ වැදගත් තීරණ වලට එළඹෙනු ඇත. නමුත් ඒවා බොහෝවිට තනි තීරණ වනු ඇත. මෙම කාලය තුළ රහස් සතුරන් ඉස්මතුවීමට ඉඩ තිබේ. ඔබගේ කීර්ති නාමය හානි කිරීමට ඔබගේ දියුණුව අඩාල කිරීමට සතුරන් උත්සාහ කරනු ඇත. තම සහෝදර සහෝදරියන් සමග ඇති සම්බන්ධතාවය තරමක් අඩුවන කාලයකි. එම තත්ත්වය 2017 ජනවාරි 26න් පසුව අඩුවනු ඇත. එදිනෙන් පසු ඔබගේ හැකියාවන් ඉස්මතුවන කාලයක් උදාවෙයි. 2017 ජනවාරි 26 වන දිනෙන් පසුව නිවාස, වාහන, දේපල සම්බන්ධ කටයුතු වෙනුවෙන් වෙහෙසවීමට සිදුවෙයි. මෙම කාලය තුළදී සෙම් සහිත අසනීප, සන්ධි ආශ‍්‍රිත අසනීප ඉස්මතුවීමේ අවධානමක් පවතියි.

තුලා ලග්නය

තුලා ලග්න හිමි ඔබට මෙවර අලූත් අවුරුදු උදාවෙන් අනතුරුව මුදල් ලැබී අතමිට සරුවෙයි. ලැබීම් තත්ත්වය යහපත් වන කාලයකි. මෙම කාලය තුළ පැරණි වූ දේ අලූත් කිරීමට සහ පසුගිය කාලය තුළ සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැනීමට මුදල් සහ කාලය වැයකිරීමට සිදුවෙයි. ප‍්‍රමාද වූ මුදල් ගනු දෙනු ලැබෙන කාලයකි. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් දේපල වලින් හොඳ ආදායමක් උපයා ගැනීමට හැකිවෙයි. නොවිකිණෙන දේපල වාහන විකුණා ගැනීමට ගැනුම්කරුවන් හමුවෙයි. අධ්‍යාපන කටයුතු වල නිරත අය වැඩි අවදානයකින් කටයතු කිරීම වැදගත් වෙයි. අධ්‍යාපන කටයුතු අතරතුර ගැටළුවක් මතුවීමට ඉඩ තිබේ. 2016 අගෝස්තු 11න් පසු මුදල් ලැබීමේ තත්ත්වය අවුරුද්දේ මුල්කාලයට වඩා තරමක් අඩුවෙයි. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසවීමට සිදුවන අතර ඔවුන්ගේ දියුණුව තරමක් අඩුවීමට ඉඩ තිබේ. අවිවාහක අයට ගැලපෙන මංගල යෝජනා ගැබෙන, විවාහ කටයුතු සිදුවන කාලයකි. මෙම කාලය තුළදී ආහාර මාර්ගය ආශ‍්‍රිත අසනීප තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතී.2017 ජනවාරි 26න් පසු මානසික නිදහස් වැඩි වෙයි. නමුත් එදිනෙන් පසු තම සහෝදර සහෝදරියන් අතර ඇති සබඳතාව තරමක් අඩුවෙයි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමි ඔබට අලූත් අවුරුදු උදාවෙන් පසු කැපවීමෙන් කටයුතු කිරීමෙන් ජයග‍්‍රහණ ලබාගැනීමට හැකිවෙයි. අපහසු දුෂ්කර අභියෝග ජයගැනීමට කටයුතු කිරීමට සිදුවෙයි. රැුකියා කටයුතුවලදී වැඩි වගකීමක් දැරීමට සිදුවන අතර රැුකියා කටයුතු කෙරෙහි චෝදනා එල්ලවීමටද ඉඩ තිබේ. දැනට පවතින ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය අයහපත් ප‍්‍රතිඵල ගෙනදෙයි. බලාපොරොත්තු නොවූ ගැටළුවලට සහ අනතුරුවලට මුහුණ දීමට සිදුවන කාලයකි. මානසික නිදහස අඩු කරවන අතර සිත් පීඩාවන් සහ මානසික ආතතිය ඇති කරවයි. මෙම කාල සීමාව තුළදී තම සමාජ මට්ටමට වඩා පහළ පුද්ගලයින් නිසා ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ගැනීමට, ඔවුන් ඇසුරු කිරීමට සිදුවෙයි. 2017 ජනවාරි මස 26න් පසු මෙම තත්ත්වය තරමක් දුරට මග හැරී යනු ඇත. වාහන දේපල නඩත්තු කිරීම වෙනුවෙන් ධනය සහ කාලය වැය කිරීමට සිදුවන කාලයකි. තම නිවසේ රැුඳීම අඩු බවක් දනවන කාලයකි. 2016 අගෝස්තු 11දායින් පසු මුදල් ලැබීම යහපත් වෙයි. නමුත් ඉතිරි කිරීම සඳහා යහපත් වන කාලයක් නොවේ. මෙම කාලය තුළ පේ‍්‍රම සම්බන්ධතා ඇතිවීමට හැකි වුවද ඒවා තමන්ට ගැලපෙන ඒවා නොවෙයි.

ධනු ලග්නය

ධනු ලග්න හිමි ඔබ මෙම අලූත් අවුරුදු උදාවත් සමග ආගමික කටයුතු කෙරෙහි, ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි වඩා නැඹුරුතාවයක් දක්වයි. නමුත් එම කටයුතු කරනු ලබන්නේ තරමක් අපිළිවෙල බවකින් යුතුවයි. 2016 අගෝස්තු 11 වන දිනෙන් පසු රැුකියා කටයුතු කෙරෙහි තරමක් යහපත් වෙයි. මෙම වසර තුළ අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු නොවුණ ගැටළු නිසා සිත් වේදනා ඇතිවෙයි. තම කීර්තිනාමය පවත්වාගැනීමට මහත් ආයාසයක් දැරීමට සිදුවෙයි. කීර්තිනාමයට හානි වියහැකි ගැටළු මතුවෙයි. තම සහෝදර සහෝදරියන්ට තරමක කරදර කාලයක් උදාවන අතර ඔවුන් සමග ඇති බැඳීම් අඩුවනු ඇත. තම හැකියාවන්ගෙන් ප‍්‍රයෝජන ලබාගැනීමට තිබෙන අවස්ථා මගහැරෙන අවහිරවන කාලයකි. අධ්‍යාපන කටයුතු වල යෙදෙන අය තම කටයුතු සාර්ථක කරගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු බව සිහියේ තබාගත යුතුය. තමන් නොකළ වරදකට චෝදනා එල්ලවන දඬුවම් විඳීමට සිදුවන කාලයකි. 2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය ආරම්භවේ. එදිනේන පසු තත්වය අයහපත්වෙයි. අනපේක්ෂිත අසනීප කරදර ඇතිවන වැඩ කටයුතු වලට බාධා එල්ලවන කාලයකි. රුධිරය ආශ‍්‍රිත අසනීප හා පාද ආශ‍්‍රිත අසනීප මතුවන කාලයකි.

මකර ලග්නය

මකර ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාවෙන් පසු හොඳ ආදායමක් උපයාගත හැකිවෙයි. උපයන මුදල ප‍්‍රයෝජනයට ගෙන තම වැඩකටයුතු කරගැනීමට හැකිවෙයි. සුව පහසුව වැඩිකර ගැනීමට මුදල් වැය කිරීමට සිදුවෙයි. නමුත් ඉතිරි කිරීම අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඉතා ප‍්‍රවේශමෙන් කතාබහ කළ යුතුවෙයි. කේලාම් ඕපාදූප වලට හසුවීම, වචනය නිසා ඔබගේ හොඳ නම නැතිවීමට ඉඩ ඇති කාලයකි. ආගම දහම කෙරෙහි දක්වන ලැදියාවේ අඩුවක් ඇති වුවද 2016 අගෝස්තු 11න් පසු මෙම තත්ත්වය මගහැරී යයි. එදිනෙන් පසු ආගමික කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවෙයි. 2017 ජනවාරි 26න් පසුව මුදල් ලැබීම තරමක් අඩුවෙයි. වැයවීම් වැඩිවන කාලයක් උදාවෙයි. එම කාලය තුළ කරන කටයුතු වලින් එතරම් වාසි අත් නොවනු ඇත. තමා සතු දෑ විකි”මට යහපත් කාලයක් නොවනු ඇත. අධ්‍යාපනය ලබන්නන්ට අවුරුදු උදාවෙන් පසු මධ්‍යම ප‍්‍රතිඵලයක් ගෙනදෙනු ඇත. 2016 අගෝස්තු 11න් පසු අධ්‍යාපන කටයුතු වළ ප‍්‍රගතියක් ඇතිවෙයි. විශේෂයෙන් පශ්චාත් උපාධි හදාරණ අයට පර්යේෂණ කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. 2017 ජනවාරි 26දායින් පසුව සෞඛ්‍ය තත්ත්වය අයහපත් වියහැක.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරු උදාවෙන් පසු රැුකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසීමට සිදුවෙයි. රැුකියාවේදී ඔබවෙත පැවරෙන වගකීම් වැඩිවන බවක් දැනෙනු ඇත. එම තත්ත්වය 2017 ජනවාරි 26න් පසු මගහැරෙනු ඇත. එදිනෙන් පසු ආර්ථික තත්ත්වයද යහපත් වනු ඇත. මෙම කාලයේදී ඔබගේ සමාජ සම්බන්ධතා අඩුවනු ඇත.අඩු පිරිසක් ඇසුරු කරනු ලබන හුදකලාවක් දනවන කාලසීමාවකි. ඔබගේ වැඩකටයුතු නිසි කලට කරගැනීමට අපහසු බවක් දැනෙයි. වැඩ කිරීමට මැළිකමක් දැනෙන අතර මානසික අතෘප්තිකර බවකින් යුතුව කාලය ගතවෙයි.වැඩ කටයුතු අතපසුවීම වලක්වා ගැනීමට උද්යෝගයෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ වැඩ කටයුතු කෙරෙහි, හැසිරීම කෙරෙහි අන් අය තුළ සැක උපදවන කාලයකි. විවාහ ජීවිතය තුළ යම්යම් නොගැළපීම් ගැටළු මතුවීමට ඉඩ තිබේ. පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ගැටළු ඇතිවීමට වඩා බිඳී යාමට ඉඩ ඇති කාලයකි. සමේ අසනීප තත්වයන්, රුධිරයේ සංයුතිය වෙනස්වීම මත ඇතිවන අසනීප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙන කාලයකි.

මීන ලග්නය

මීන ලග්න හිමි ඔබට අලූත් අවුරුදු උදාවෙන් පසුව සතුරන් පරාජය කිරීමේ හැකියාවක් ඇතිවෙයි. නිතර සතුරු කරදර ඇතිවන කාලයක් වුවද එම සතුරන් පරාජය කර තම අරමුණු කරා ළගා වීමට හැකිවෙයි. ආගමික කටයුතු කෙරෙහි එතරම් උනන්දු නොවන කාලයකි. වැඩිහිටියන්ගේ අවවාද අනුසාශනා පිළිනොගන්නා කාලයකි. අරපරෙස්සමෙන් මුදල් වියදම් කළද අනපේක්ෂිත වියදම් නිසා ඉතිරි කිරීම් අඩුවන කාලයකි.ධනය ලැබීම කෙරෙහි යහපත් වෙයි. අධ්‍යාපනය ලබන අයට සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකි කාලයකි. උසස් අධ්‍යපනය හදාරන්නන්ට අනුග‍්‍රහයන්, ශිෂ්‍යත්වයන් හිමිවීමේ වාසනාව ඇත. අවිවාහක අයට 2016 අගෝස්තු 11න් පසු ගැලපෙන විවාහ මංගල යෝජනා ඉදිරිපත්වනු ඇත. පෙම් සබඳතා ඇරඹෙන විවාහ මංගල්‍ය සිදුවන වාසනාවන්ත කාලයක් උදාවෙයි. 2016 අගෝස්තු 11 න් පසුව යහපත් සමාජ සම්බන්ධතා ඇතිවීමේ හැකියාව ඇතිවෙයි. උගත් බුද්ධිමත් පිරිස් ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙන කාලයකි. රුධිරගත අසනීප සහ සන්ධිගත අසනීප ඉස්මතුවිය හැකි කාලයකි.
 http://sinhala.adaderana.lk/webgossip/lagna-palapala/
 ********************************************************************************


2017 ලග්න පලාපල 



මේෂ ලග්නය -

ධනය ලැබීමේ වාසනාව / වියදම් අධිකවේ. / අය 02 - වැය 05
මේෂ ලග්නය හිමි ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීමෙන් ධනය ලැබීමේ මාර්ග ඇතිවේ. ලැබීම් අතින් සුබඵල ඇති වසරකී. නමුත් වියදම් අධිකවේ. රැකිරක්ෂා බලාපොරොත්තු වන අයට රැකියා අවස්ථා උදාවේ. නිලතල උසස්වීම් වලට පත්වේ. රැකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. ප්‍රිය සම්භාෂණ වලට. ප්‍රීති උත්සව වලට සහභාගිවීමේ අවස්ථා උදාවේ. මුල් මාස කිහිපය තුළ අධ්‍යාපන බාධා ඇති වුවද වසර මැද සුබවේ. තරුණ තරුණියන්ගේ මංගල යෝග උදාවේ. ශරීර සෞඛ්‍ය කෙරෙහි උනන්දුවන්න. හෟද රෝග, අක්ෂි රෝග, උදර රෝග, අතපය ආශ්‍රිත රෝග පීඩාවන් ගෙන් පරිස්සසම් වන්න.
සුබ දිනය - සෙනසුරාදා - අගහරුවාදා / සුභ වර්ණය - නිල් /සුභ අංක -4.5.7

වෟෂභ ලග්නය - 
රැකියා ආයතනය තුළ සතුරු පීඩා / රාගාධික කාලයකි / අය 11 - වැය 11

ආදායම අඩුවීමෙන් දුෂ්කරතා මතුවේ. රැකියා ස්ථානයේ සතුරු පීඩා ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කරන්න. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් අපහාස වලට ලක්වේ. රාගාධික කාලයකි. ප්‍රේම සබදතා ඇතිවේ. මංගල යෝග උදාවේ. සතුරු කරදර ඊර්ෂියාකම් ඇතිවේ. රාගයට නොව බුද්ධියට මුල්තැන දෙන්න. අධ්‍යාපනය ලබන අයට දරුවන්ට සුබ වේ. උගුර - කන ආශ්‍රිත පීඩා, සෙම් රෝග, අධික රුධිර පීඩනය, අත්පා වේදනා රෝගී තත්ත්වයන් ඇතිවේ.
සුබ දිනය - බදාද, සිකුරාද / සුභ වර්ණය - සුදු /සුභ අංක - 6

මිථුන ලග්නය - 
ධනය ලැබීමේ වාසනාව / සෞඛ්‍ය ගැටළු  / අය 02 - වැය 11

බොහෝ ධනය ලැබීමේ වාසනාව උදාවේ. නමුත් අධික වියදම් යෙදේ. නොයෙක් කරදර යෙදී වියදම් අධික වේ. ස්වයං රැකියා කරන්නන්ට සුබ කාලයකී. හවුල් ව්‍යාපාර ජය ඇතිවේ. නොගැලපෙන පහත් අය ඇසුරට යාමෙන් ප්‍රශ්න උද්ගතවේ. තම ඥාතීන්ගෙන් පවා කරදර ඇතිවේ. ආරවුල් ඇතිවේ. ඇසුරු කරන්නන් ඈත්වේ. විභාග කටයුතු වලින් ජය ලැබේ. නව විෂය ක්ෂේත්‍රයන් ඉගෙනීමට අවස්ථාව උදාවේ. වාත රෝග, සෙම් රෝග, උදර රෝග ආදී රෝගී තත්ත්වයන් ඇතිවේ. ශරීර ශක්තිය දුර්වල වේ. සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්න.
සුබ දිනය - බදාද, සිකුරාද / සුභ වර්ණය - කොළ, කහ /සුභ අංක -3.5

කටක ලග්නය -
 අධ්‍යාපනයට සුබයි / අදායම් තත්ත්වය යහපත්  / අය 11 - වැය 05

අදායම් ඉහළ යයි. ණය ගණුදෙනු වලින් නිදහස් වීමට භාග්‍ය උදාවේ. රැකිරක්ෂා කටයුතු වලට සුබ වේ. විදෙස් රැකියා උදාවේ. ප්‍රසිද්ධියට පත්වේ. අලුතින් වාහන මිල දී ගැනීමට, ගෟහ උපකරණ ගැනීමට භාග්‍ය උදාවේ. යහපත් කාලයකී. සතුරු කරදර දුරුවේ. නැවති තිබූ වැඩ කටයුතු ඇරඹීමට සුදුසු කාලයකී. උසස් අධ්‍යාපන කටයුතු වලට සුබ වේ. උනන්දුව ඇතිවේ. වාත රෝග, සෙම් රෝග, අක්ෂි රෝග, උදරාබාධ ඇතිවීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.
සුබ දිනය - අගහරුවාදා, සිකුරාදා / සුභ වර්ණය - සුදු / සුභ අංක - 2. 7. 9

සිංහ ලග්නය - 
සොර සතුරු බය / දරු සම්පත්  / අය 14 - වැය 02

අධික වියදම් යෙදේ මිල මුදල් අගහිගකම් ඇතිවේ. මුදල් පරිහරණයේදී ඉතා බුද්ධිමත් විය යුතුය. ආර්ථිකය සමබරව පවත්වාගෙන යාමට වගබලා ගන්න. නව රැකියා උදාවේ. විදෙස් රැකියා සිහින සඵල වේ. සොර සතුරු බිය ඇතිවේ. අපවාද, අභූත චෝදනා වලට ලක්වේ. තමන්ට යෝග්‍ය නොවන කටයුතු වල නියලීමට යාමෙන් නින්දා අපහාස විදීමට සිදුවීමට ඇති බැවින් කල්පනාකාරීවන්න. යහපත් චරිතයක් පවත්වා ගන්න උත්සහවන්තවන්න. ධ්‍යෛර්යමත්ව කටයුතු කිරීමෙන් විභාග ජය ලැබේ. ගවේෂණ, චිත්‍ර ශිල්පය, ගුප්ත ශාස්ත්‍ර ඉගෙන ගන්නා අයට යහපතකී. ශාරීරික දුබලකම් ඇති කරයි. හිසරුදාව. යටිබඩ ආබාධ, උදාරාබාධ. අත්පා වල පීඩා ඇති කරයි.
සුබ දිනය - සිකුරාදා - අගහරුවාදා / සුභ වර්ණය - රතු / සුභ අංක - 1. 4

කන්‍යා ලග්නය - 
රහස් සතුරු කරදර / අධ්‍යාපන බාධා   / අය 02 - වැය 11

වෙළෙද ව්‍යාපාර වලින් පාඩු සිදුවේ. රැකියාවේ කරදර ඇතිවේ. අනියම් පෙම් සබදතා ඇතිවීමට ඉඩ ඇත. එමෙන්ම යුග දිවියේ දෙදරායාම් ඇති අඹු සැමියන් වෙන්වීමට ද කරුණු යෙදේ. වැඩිහිටියන්ට කරදර විරෝධතා මතුවේ. සතුරු කරදර මතුවීම හේතුවෙන් බියෙන් හා සැකෙන් ජීවත් වීමට සිදුවේ. අලසකම වැඩි වී අනුවණකම් ඉස්මතුවේ. අධ්‍යාපනයට තිබූ උනන්දුව අඩුවී යයි. විභාග වලට සුබ කාලයක් නොවේ. නිෂ්ඵල නඩු හබ වලට පැටලීමට ඉඩකඩ ඇති හෙයින් කල්පනාකාරීවන්න. අත්පා ආබාධ, වාත රෝග, පපුවේ රෝග, උදර රෝග ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරී වන්න.
සුබ දිනය - සිකුරාදා - බ්‍රහස්පතින්දා / සුභ වර්ණය - කොළ / සුභ අංක - 3.5.7

තුලා ලග්නය - 
රැකියා උසස් වීම් / සිත් තැවුල්  / අය 11 - වැය 11

ආර්ථික සමබරව පවත්වා ගැනීමට උත්සාහ කලද වියදම් අධික වේ. රැකියා උසස්වීම් ලැබේ. රැකියා වෙනසක් ඇතිවේ. බොරු චෝදනා අපවාද ඇසීමට සිදුවේ. අවුල් වියවුල් ඇතිවේ. සතුරු කරදර ඇති වීමට ඉඩ ඇත. එම නිසා සිත් තැවුල් ඇතිවේ. ඉඩකඩම්, රස බොජුන්, දේපල උරුම, ඇදුම් පැළදුම් ලැබෙන කාලයකී. මනස නිරවුල් නොවීමෙන් ධාරණ ශක්තිය අඩුවී හොදින් කරගෙන ආ ඉගෙනුම් කටයුතු වෙනස් වීමට ඉඩකඩ ඇතිවේ. අක්ෂි රෝග, අත්පා වල රෝග. ඇති වේ.
සුබ දිනය - අගහරුවාදා, සිකුරාද / සුභ වර්ණය - සුදු, අයිවරි / සුභ අංක - 6

වෟශ්චික ලග්නය - 
ඉහළ වැටුප් / ඥාතීන් සමග ගැටුම්   / අය 02 - වැය 05

අතමිට මුදල් ගැවසුන ද වියදම් අධික වේ. මනා කළමණාකාරීත්වයකින් මුදල් පරිහරණය කරන්න. තමන් කරනු ලබන රැකියා කටයුතු සදහා ඉහළ වැටුපක් ලැබේ. අහිමි වී ගිය රැකියා නැවත ලැබේ. විදේශ සංචාර සදහා මග පෑදේ. උගත් ප්‍රභූන්ගේ ආධාර උපකාර ලැබෙන වසරකී. නමුත් ඉවසීමේ ගුණය නැති කමින් ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගනී. අන් අය සමගද ගැටුම් ඇති වේ. පාපකර්ම සිදුකිරීමට පෙළඹේ. හදිසි අනතුරු වලින් පරිස්සම් විය යුතුය. අධ්‍යාපනයට සුබ වුවද තම ග්‍රහචාරය අනුව එය වෙනස් විය හැකිය. ලේ දෝෂ. උණ රෝග, යටි බඩේ රෝග. අක්ෂි රෝග වලින් පීඩා ඇතිවේ.
සුබ දිනය - අගහරුවාදා, බ්‍රහස්පතින්දා / සුභ වර්ණය - රතු / සුභ අංක - 2.4.5.7

ධනු ලග්නය - 
අධ්‍යාපනයට විදේශ ගතවීම් / වංචා වලට හසුවේ   / අය 14 - වැය 08


ධනය ලැබීමේ භාග්‍ය උදාවේ. නමුත් වැය පස අධික වේ. වංචා වලට හසුවීමට ඉඩ ඇති කාලයකි. ලැජ්ජාව. අවමානය. අවනම්බුව ඇතිවන කාලයකි. තමන්ට නොගැලපෙන අය සමග කම්සැපයට යාමෙන් අවනම්බු ඇතිවේ. සතුරන් සමග ගැටුම් ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවන්න. නීතිමය ගැටළු වලට මැදිවීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු සදහා විදේශගත වීමට අවස්ථාව උදාවේ. මුක රෝග. ශරීරාංග රෝග, අක්ෂි රෝග. පිත් කෝප ඇති වේ.
සුබ දිනය - බදාදා, සිකුරාද / සුභ වර්ණය - කහ / සුභ අංක - 5.6.8

මකර ලග්නය -
 නිෂ්ඵල මුදල් වියදම් / යහපත් විවාහ  / අය 08 - වැය 11

නිෂ්පළව මුදල් වියදම් වෙන කටයුතු යෙදේ. මුදල් ඉපයීමටද විශාල වෙහෙසක් දැරීමට සුදුවේ. ව්‍යාපාර ඉතා සුපරික්ෂාකාරීව කරගෙන යායුතු වෙන වසරකි. රැකියා දියුණුව ඇති වේ. නඩුහබ වලට පැටලීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් වේ. අලාභ පාඩු විදීමට සිදුවේ. ආදරවන්තයින්ට හොද කාලයකි. යහපත් විවාහ සිදුවේ. ගුණයහපත් දරු උපත් සිදුවේ. නිවසට අවශ්‍ය උපකරණ ගැනීමට හැකිවේ. සිතට සැනසිලිදායක කාලයක් උදා වේ. පිත් කෝප. අක්ෂි රෝග ඇති වීමට ඉඩ ඇත.
සුබ දිනය - අගහරුවාදා, සිකුරාදා / සුභ වර්ණය - නිල් / සුභ අංක - 6.8.9

කුම්බ ලග්නය -
 අදායම් සරුවේ / තරග විභාග වලින් ජය  / අය 08 - වැය 11

මුදල් ආදායම් ඉතා හොදින් ලැබෙන වසරකී. අදායම් සරුවේ. කරන කටයුතු වාසියටම හේතු වේ. ව්‍යාපාර ඇරඹීමට සුදුසු කාලයකි. කෟෂිකර්මික කටයුතු වල යෙදෙන අයට ඉතා යහපත් කාලයකි. ආගමික භක්තිය වැඩිවෙන කාලයකි. නිවස ධන ධාන්‍යයෙන් පිරේ. සිතට සැනසීම උදාවේ. රාගයට වසගවීමෙන් නින්දා. අපවාද, අපකිරිතිය ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩි බැවින්, අනුවණකම් නොකර බුද්ධියට මුල්තැන දී ක්‍රියා කිරීමෙන් තම චරිතය රැකගත හැකිය. හදිසි විවාහ වලට හේතු වේ. ඉගෙනුම ලබන දුවාදරුවන්ට යහපත් කාලයකි. තරග විභාග වලින් විශිෂ්ඨ ජය මුත්‍රා ආසාදන. වකුගඩු ආශ්‍රිත රෝගපීඩා ඇතිවිය හැකිය.
සුබ දිනය - අගහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා / සුභ වර්ණය - නිල් / සුභ අංක - 3.8.9

මීන ලග්නය - 
ව්‍යාපාර / උසස්වීම් / අය 14 - වැය 08

හදිසි ධන ලාභ උරුම වේ. දේපල ලාභ, වෙළද ව්‍යාපාර ලාභ ලැබෙන කාලයකි. රැකිරක්ෂා දියුණුව ඇතිවේ. උසස්වීම් ලැබේ. වාසනාවන්ත වසරකි. පැතුම් ඉටු වන, වස්තුව ලැබෙන යාන වාහන ලැබෙන වසරකි. සතුරු කරදර දුරුවේ. නඩුහබ වලින් ජය ලැබේ. ශරීර ශක්තිය වැඩි වී නිරෝගි වේ. ප්‍රඥාව දියුණුවේ. සමාජ ගරුබුහුමන් ලැබෙන. උසස් ප්‍රභූන් ඇසුරට පත්වෙන සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු වලට දුවා දරුවන්ට ඉතා හොද වසරකි. සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. බොවෙන වසංගත රෝග වලින් ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.
සුබ දිනය - අගහරුවාදා, බ්‍රහස්පතින්දා / සුභ වර්ණය - කහ. රතු / සුභ අංක - 3.9
http://www.gossipclanka.com/post.php?ps=16824
  ********************************************************************************************


2017 නව වසර ඔබට කොහොමද ?

2016 වසර නිමාවීමට තවත් ඇත්තේ මාස එකහාමාරක පමණ කාලයකි. මෙම වසර අවසානය පිළිබඳ නොයෙක්‌ දෙනා විවිධ අනාවැකි හා අදහස්‌ දක්‌වයි.

විශේෂයෙන් මේ වසර අවසානයේ පවතින ග්‍රහචාරය අප රට ආශ්‍රිතව මෙන්ම ලංකා කේන්දරය හිමි කුම්භ ලග්නය ආශ්‍රිතවද එතරම් සුබදායක නොවන බවත්, මෙම අසුබ හා බාධාකාරී ග්‍රහචාරයේ බලපෑම නිසාවෙන් අප රට ආශ්‍රිතව ප්‍රබල කාලගුණ විපර්යාස මෙන්ම දේශපාලන, සමාජීය, අධ්‍යාපන, ආර්ථීක ඇතුළු අංශ වල කැපී පෙනෙන වෙනස්‌කම් ඇතිවන බවත් කියවේ.
එම නිසාවෙන් මෙවැනි වෙනස්‌කම් සිදුවේද? නැද්ද? මේ පිළිබඳ කුම්භ ලග්නය හිමි අප රටේ කේන්ද්‍රය හා පවතින ග්‍රහ චාරය ආශ්‍රයෙන් විමසා බැලීමකි.

ලංකා කේන්දරය හිමි කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු ග්‍රහයා කුම්භයේ 10 වැන්නේ හෙවත් වෘශ්චිකයේ සතුරු රාශිගත ගමනද තවදුරටත් අපට මෙන්ම අප රටට කිසිසේත් යහපත් නොවන්නේය. එසේම කේතු ලග්න ගතවත්, රාහු 7 වැන්නේත් ගුරු හෙවත් බ්‍රහස්‌පති සතුරුව කුම්භයේ 8 වැන්නේත්, ගමන් කිරීම මෙන්ම අඟහරු හා බුධගේ ගමනත් සූර්යාගේ ග්‍රහ ගෝචරයත් සලකා බැලු කල මෙන්ම මෙම 2016 වසරේ වසර පුරාවට ග්‍රහ යුද්ධ 12 ක්‌ පමණ සිදුවූ අතර මෙම වසරේ අවසන් ග්‍රහ යුද්ධය ලෙස එළඹෙන නොවැම්බර් 24 වන ගුරු දින බුධ හා සෙනසුරු අතර සිදුවන ග්‍රහ යුද්ධයත් එයින් සෙනසුරු පරාජයට පත්ව බුධ ග්‍රහයාට ජය හිමිවීමත් මත ඉහත සඳහන් ක්‌ෂේත්‍ර වල කැපී පෙනෙන වෙනස්‌කම් ඇතිවනු ඇත.

මෙම ග්‍රහ මාරුන් සමගින් කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ ග්‍රහ පිහිටීම යම් පමණක අසුබවාදී බවක්‌ පෙන්නුම් කරනු ඇත. ලංකා කේන්දරය හිමි කුම්භයේ කුජ බලවත් වීම අප රටට නම් යහපත් නොවනු ඇත. එසේම වෘශ්චිකයේ අවසන් අංශක කීපයේ සෙනසුරුගේ ගමනද තවදුරටත් අපට යහපත් නොවන්නේය. විශේෂයෙන් භූමිය සම්බන්ධයෙන් දැනෙන විපත්කාරී අසුබ තත්ත්වයන් ඇතිවනු ඇත. වැසි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සමගින් තද වැසි සමගින් ප්‍රබල ගංවතුර තත්ත්වයක්‌ මෙන්ම කඳුකරය ආශ්‍රිතව කැපී පෙනෙන නායයැම් තත්ත්වයක්‌, භූමි කම්පා තත්ත්වයක්‌ මෙන්ම කැපී පෙනෙන ගිනි ගැනීම් හා පිපිරීම් තත්ත්වයන් ද ඇති විය හැකිය. එමෙන්ම අප රට ආශ්‍රිතව විශේෂයෙන්ම කාම අපරාධ යම් පමණකින් ඉහළ යන කාලයක්‌ වනු ඇත.

එම නිසාවෙන් මෙම කාලයේ තරුණ ගැහැනු දරුවන් ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. කුඩා දරුවන් ඉතාමත් පරිස්‌සම් කරගත යුතු කාලයකි. විශේෂයෙන් තරුණ තරු‚යන් තම තමන්ගේ චරිතය මෙම කාල සීමාව තුළ ආරක්‌ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. තරුණ ආවේගයන් ඉස්‌මතු වන කාල සීමාවකි. එසේම ජනතාව අතර නොසන්සුන්තා, උද්ඝෝෂණ, පෙළපාලි ඇති වන කාලයකි. කාලගුණ විපර්යාස, ප්‍රබල රිය අනතුරු හා ගුවන් යානා අනතුරු ද ඇති වන කාලයකි. හදිසිි අනතුරු නිසාවෙන් ලේ ගැලීම් ඇතිවන කාල සීමාවක්‌ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. නොවැම්බර් 24 වන ගුරු දින බුධ හා සෙනසුරු අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් සෙනසුරු පරාජයට පත් වීමත් කුම්භය කුජ හා සිකුරුගෙන් පීඩා වීමත්, ගුරු සතුරුව 8 වැන්නේ වීමත් හේතුවෙන් අධ්‍යාපනයේ හා විශ්වවිද්‍යාල හා පාසල් ආශ්‍රිතවද කැපී පෙනෙන ගැටලූ‍ ඇති විය හැකිය.

විපත් බහුල අසුබ කාලයක්‌ උදාව ඇති නිසාවෙන් ඔබ අප පරිස්‌සම් විය යුතු කාලය එලඹ ඇත. මේ වන විට රවි ග්‍රහයාද නීච ග්‍රහ චලිතයක නිරත වීමත් හේතුවෙන් මෙරට ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට අපල දායක වනු ඇත.

කෙසේ වෙතත් මෙම ග්‍රහ මාරුවන් සමගින් නව නිෂ්පාදන කටයුතු වර්ධනය වනු ඇත. රට තුළ නව දේශපාලන පක්‌ෂ ජනතාව අතර ජනප්‍රිය වනු ඇත. එසේම දේශපාලන ලෝකය නිතර උණුසුම් වන හා පුවත් මවන කාලසීමවක්‌ වනු ඇත. එසේම ක්‍රීඩා අංශ වල උද්‍යෝගිමත් ප්‍රගතියක්‌ ඇතිවන අතර තරුණයන් අතර කැපී පෙනෙන උද්‍යෝගයක්‌ ඇති වේ. නීති අංශ වල ආන්දෝලාත්මක නඩු තීන්දු මෙන්ම කැපී පෙනෙන වර්ධනයක්‌ ඇති වන කාලයකි.

වසර අවසානයේ ග්‍රහ චාරයේ
ලග්න පලාපල

මේෂ ලග්නය

වියදම් පක්‌ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියා වල නිරත අය තම රැකියා ස්‌ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්‌ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්‌ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘෂභ ලග්නය

නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්‌ථා තුළ ගැටලූ‍ ඇති වීමට කරණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමි‚ලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්‌ෂා වලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගාබාධ, වාත රෝගා බාධා, හිරි වාත, අජීරණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්‍ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.

මිථුන ලග්නය

සතුරන්ගෙන් ජය ලැඛෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැඛෙන කාලයකි. ණය ගනුදෙනු වලින් නිදහස්‌ වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැඛෙන කාලයකි. සුව පහසු භාණ්‌ඩ ගැනීමේ අවස්‌ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්‌ථාන මාරු වීම් හෝ උසස්‌ වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්‌තයක්‌ වශයෙන් බැලු කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවනතාවක්‌ දක්‌නට ලැබේ.

කටක ලගනය

මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ ඵල උදා කරන කාලයක්‌ නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැඛෙනු ඇත. අධික වියදම් සහිත කාලයක්‌ වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක්‌ පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය.

සිංහ ලග්නය

වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපල දායක තත්ත්වයක්‌ ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාර වලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවනතාවක්‌ පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්‌ථා උදා වනු ඇත. රැකීරක්‌ෂා කටයුතු වල යම් යම් ගැටලූ‍කාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්‌ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍ය ලග්නය

මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැඛෙන කාලයකි. දේපළ ලාභ ලැඛෙන කාලයකි. අසනීප වලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගම් වලට ආරාධනා ලැඛෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගි වීමට අවස්‌ථාව උදා වනු ඇත. දේශපාලනයේ නිරත අයට ඉතාමත් යහපත් වනු ඇත.

තුලා ලග්නය

හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩු වන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. දේශපාලනයේ නිරත අයට ඉතාමත් අයහපත් වනු ඇත. මුදල් අතේ නොරැඬෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලූ‍ හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායැමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක්‌ පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.

වෘශ්චික ලග්නය

බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ විපතක්‌ ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබ වලට යැමෙන් ඒවායින් ජය ගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලූ‍කාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඹබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මාසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැඛෙයි.

ධනු ලග්නය

ඔබගේ වැය පක්‌ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැදෙන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරෝතු ඉටු වීමේ ප්‍රමාදයක්‌ ඇති වන අතර රැකියා වල නිරත අයගේ එම රැකියා ස්‌ථාන වල යම් යම් ගැටලූ‍ ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්‌කුම් ස්‌නායු ආබාධ මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්‌ෂා විය යුතුය. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් ඒම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලූ‍ කාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ විපතක්‌ ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්‌ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

මකර ලග්නය

ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ්‍රඵල දායක වේ. ලිපිලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්‌ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්‌ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාචේ. රැකියා අංශ වල විසිතුරු භාණ්‌ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථීක වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්‌ෂතා ගෙනදෙයි. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ‍ පැනනැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගා බාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කුම්භ ලග්නය

ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශ වලට සුබ දායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම් වලට හේතු

මීන ලග්නය

ඔබට මධ්‍යම සුබ ඵල දායකයි. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් බාධා ඇතිචේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා ඛෙහෝවිට උදාවේ. රැකියා අංශ වල රාජ්‍ය අනුග්‍රහය හා උසස්‌ අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. දේශපාලනයේ නිරත අයට ඉතාමත් අයහපත් වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ‍ අංශ වලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. වගේම අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය.

සම්පත් එස් කල්පගේ
http://www.gossip99.com/2016/11/astrology-forecast-for-new-year-2017.html
   **************************************************************************************


 2017 වසර ලග්න පලාපල







මේෂ ලග්නය


මේෂ ලග්නයෙන් උපන් ඔබට ජනවාරි 25 වනදා දක්වා කාලය එතරම් යහපත් නැත.හදිසි රෝග , හදිසි අනතුරු , හදිසි රන්ඩු සරුවල් ඇතිවීමට අවස්තාව පවතී.රැකියා ස්තානයේ ගැටලු මතුවිය හැකිය.ජනවාරි මාසයේ සිට නැවත ජුනි මාසය දක්වා කාලසීමාව සුබදායකවේ.සිතට සතුට ප්‍රිතිය සැනසීම උදාවන කාලයකි.උත්සව අවස්තාවන්ට සම්බන්ධවීමට අවස්තාව ලැබේ.විනෝද චාරිකා ආදියත් නව හිතමිත්‍ර ඇසුරත් හිමිවන කාලයකි.මෙම කාලයේ තමාට පිලිගැනීම ගෞරවය හිමිවේ.අමනාපයෙන් සිටි අය නැවත මිත්‍රවේ.ඤාති සබදතාවයන් වර්ධනයවේ.නව ඇදුම් පැලදුම් මිලදී ගැනීමටත් , ලස්සනදෑ , අලංකාර දෑ මිලදී ගැනීමටත් මුදල් වියදම් වනු ඇත.අදික නිෂ්ඵල වියදම් සිදුවේ.ගෘහ ජීවිතය විවාහ ජීවිතය පිලිබදව පැවති ගැටලුකාරී තත්වයන් මගහරවා ගැනීමටත් සාමය සමගිය වර්ධනය වීමටත් අවස්තාව සැලසේ.විවාහ බලාපොරොත්තුවෙන් සිටිනා අයගේ එම බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව මග සැලසේ.මංගල යෝජනා ලැබී.ඉගෙනීම් කටයුතු වලට පවතින බාධා අවහිරතා යම්තාක් දුරට මගහැරී යයි.නව අවස්තා උදාවේ.

අතපසුවූ , අත්හැර තිබූ කටයුතු නැවත ආරම්බකිරීමට , නිවාස දේපල ආදියේ කටයුතු කිරීමට අවස්තාව ලැබේ.අපල අවසන්වී සුබදායක ප්‍රිතිමත් කාලයක් උදාවූවා යැයි හැගීයනු ඇත.නමුත් ජුනි මස 25 වනදා වනවිට සෙනසුරු ග්‍රහයා වක්‍රගමනින් නැවතත් වෘශ්චික රාශියට පැමිණීම සිදුවෙයි.රාහු සහ කේතුගේ ග්‍රහ මාරුව අගෝස්තුවට යෙදේ.මේ අනුව 2014 - 17 කාලයේ පැවති අශ්ටම ඒරාශ්ටක අපලය නැවත උදාවේ.නොසිතූ ගැටලු හදිසියේ ඇතිකරවයි.පැවති සතුට ප්‍රිතිය බලාපොරොත්තු සහගත බව නැවතත් බිදවැටීමකට ලක්වෙයි.සිදුවූවේ , සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවෙයි.සිතේ දෙගිඩියාව වර්ධනයවේ.නව කටයුතු ආරම්බකර තිබුණේ නම් , එම කටයුතු නැවතත් බිදවැටීමකට ලක්වේ.සිතේ මන්සේ අසහනකාරී කලබල ගති. කෝපකාරි ගතිය වර්ධනයවේ.ප්‍රේම සබදතා හිතමිත්‍ර සබදතා සහ ගෘහ ජීවිතයේ සාමකාමී බවට හානි සිදුවේ.බලාපොරොත්තු බිදවැටේ.මානසික ව්‍යාකූලතා සහ අසහනකාරී තත්වයන් නැවත නැවත ඇතිවේ.මෝඩකම් කිහිපයක් හදිසියෙන් සහ කලබලයෙන් යුතුව කරනු ඇත.ඉගෙනගන්නා දරුවන්ගේ අධ්‍යාපණික කටයුතු දුර්වලකරයි.බාහිර කටයුතු සහ හිතුවක්කාරකම් වර්ධනයවේ.උසස් පෙළ විභාගය සමයේ රාහු මාරුව සෙනසුරු වක්‍රය යෙදීම නිසා විභාගයට මුහුණ දෙන ශිෂ්‍යන් වඩාත් සැලකිලිමත්විය යුතුය.වසර මුල ඇතිවන සහනදායී , සුවදායී වාතාවරණය මායාවක් වැනිය.වසර මැදදී සිදුවන සිදුවීම් වලට පෙර නිමිති සැකසෙනා කාලයයි.

රැකියාව ආදායම පිලිබදව නැවත නැවත ගැටලු ඇතිවේ.තමන්ගේ දේපල , වටිනාකම් අහිමිවිය හැකි , තරහවට , වෛරයට , කෝපයට ලක්වන , ඊර්ෂ්‍යා කාරයන් ඇතිවන කාලයක්වනු ඇත.ගෘහ වාසය අප්‍රියජනක වන වැඩි කාලයක් නිවසින් පිටව සිටීමට සිදුවන කාලයකි.නිතර හදිසි ගමන් බිමන් යෙදෙනවා ඇත.අගෝස්තු මාසයේ මුල සිට කාලය සිතේ දෙගිඩියාව , සැකය බිය , අස්තාවරත්වය ඇතිකරයි.කපටිකමින් හෝ තම අරමුණු ඉටුකරගැනීමට සිතයි.යම් යම් ලාබ ලැබුණද හදිසියේ එකවිට විශේෂ වියදමක් ඇතිවේ.හදවත් අසනීප , පපුවේ ආබාධ ආදිය සහිත මේෂ ලග්න හිමියන් විශේෂයෙන් මෙම කාලයේ ප්‍රවේසම් විය යුතුය.අසල්වැසියන් හිතවතුන් මිත්‍රයන් අතර සබදතාවයන් බිදීයා හැකිය.රැකියාවේ බරපතල අස්තාවර බවක් ඇතිවේ.තම වටිනා භාණ්ඩයක හදිසි නඩත්තුවක් සිදුවේ.අත්‍යාවශ්‍යම දෙයක හානියක් සහිතය.සිතේ හදිසිය ඇතිවේ.හදිසියේ කටයුතු කිරීමට ගොස් නැති ගැටලු ඇතිකරගනී.මුදල් සම්බන්ධ කටයුතු වලදී ජුනි සිට ඔක්තෝම්බර් දක්වා කාලය සැලකිලිමත්විය යුතුය.පවුලේ වැඩිහිටියෙකුට , මවට පියාට අසුබදායක කාලයක්වේ.හදිසි මාරකයක් වැඩිහිටි ඤාතියෙකු සම්බන්ධව සිදුවනවා ඇත.මේ ආකාරයෙන් ජුනි සිට ඔක්තෝම්බර් මස අවසානය දක්වා අසුබදායක වනු ඇත.ඔක්තෝම්බරයෙන් පසු කාලය නැවත යහපත්වේ.නමුත් ගෘහ ජීවන තත්වයත් රැකියාව සම්බන්ධවත් ලබන වසර පුරාවට විටින් විට අස්තාවර බවක් මතුවනු ඇත.

ඔක්තෝම්බරය පසුවීමෙන් පසුව විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට , විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටිනා අයගේ එම කටයුතු සාර්ථක කරගැනීමට , අවහිර බාධා සහිතව උවත් රැකියාවේ ස්තාවරත්වයක් ඇතිකරගැනීමට හැකිවනු ඇත.විවාහ දිවියේ සාමකාමී බව වර්ධනයවේ.දරුඵල ලාබ සහිතයි.ඉගෙනීම් කටයුතු නැවත නිසි මගට යොමුවේ.ආගමික වතාවත් ආදියට සම්බන්ධවේ.සමාජ සේවා කටයුතු ආදියේ නිරතවීමට අවස්තාව ලැබේ.ප්‍රධානීත්වය ලැබේ.සතුරා පරාජය කිරීමට හැකිවේ.මේ අනුව 2017 වසරේ මැද භාගය මේෂ ලග්නයෙන් උපන් ඔබට කිසිසේත්ම යහපත් නොවන අතරම මුල් කාලයත් අවසාන මාස කිහිපයත් සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවනු ඇත.සමස්ත කාලය පුරාවට රැකියාව සහ ආදායම සුරක්ෂිත කරගැනීමත් , ඉගෙනීමත් , විවාහයත් , ගෘහ මානසිකත්වයත් සමබරව පවත්වාගැනීමට කටයුතු කල යුතුයි.පපුවේ ආබාධයන් සහිත අයද හදිසි සැත්කම් ආදියට මුහුණ දෙන අයද , අවධානම් රැකියාවන්හි නිරත අයද ප්‍රවේසමෙන් කටයුතු කලයුතුවේ.ආහාරවිසවීම් , වසවිස ශරීරගතවීම් පවතී.මෙම තත්වයන් සමග තම තත්වය ගෞරවය ආරක්ෂාවන ලෙස බුද්ධිමත්ව දුරදිග බලා කලබලයෙන් තොරව කටයුතු කිරීමට 2017 වසර පුරාවටම මේෂ ලග්න හිමියන්ට සිදුවනු ඇත.

වෘෂභ ලග්නය 

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 වසර ආරම්බ වන්නේ මානසික පීඩා කරදර සහිතවවේ.ගෘහ ජීවිතය පිලිබදවත් , ආදර ප්‍රේම , විවාහ හිතමිත්‍ර සබදතාවයන් සම්බන්ධවත් ගැටලුකාරී බවක් මතුවනු ඇත.හදිසි වියදම් සිදුවේ.රැවටීම් වංචා සිදුවිය හැක.රැකියාව ආදායම සම්බන්ධව ගැටලු මතුවෙමින් තිබෙනු ඇත.දරුවන් සම්බන්ධවත් ඉගෙනීම් කටයුතු සම්බන්ධවත් , හවුල් ව්‍යාපාර ආදිය සම්බන්ධවත් සුබදායක තත්වයක් නොමැත.2017 ජනවාරි 25 වනදා සෙනසුරුගේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බවේ.වෘෂභ ලග්නයට යෝගකාරක වූ සෙනසුරු ඒරාශ්ටක අපලයක් සමග දුර්වල තත්වයකට පත්වීම සුබදායක වන්නේ නැත.ලැබීමත් වාසනාවත් දුර්වලවීමක් ඇතිකරනු ඇත.රැකියාව සම්බන්ධව ගැටලු වර්ධනය වනු ඇත.පවුලේ වැඩිහිටියන්ට , විශේෂයෙන් තම පිය පාර්ෂවයට අසුබදායක වසරක් වනු ඇත.මේ අතරම අදික වියදම් සහිත නිෂ්පල ගමන් බිමන් යෙදේ.උත්සව අවස්තා ආදිය යෙදේ.විනෝද චාරිකා සදහා අවස්තාව සැලසේ.හිතේ ප්‍රශ්ණ සහිතව උවද සිනාසී සිටීමට වසරේ මුල් කාලය තුල අවස්තාව හිමිවනු ඇත.ලාබ ලැබීමේ අරමුණින් මුදල් ආයෝජන සදහා මගපෙන්වීම් ලැබේ.වංචා ප්‍රයෝගයන්ට හසුවීමට ඉඩ පවතී.ආදරය ප්‍රේමය තුල ඉක්මන් තීරණ ගනී.තත්වයට ගෞරවයට හානි සිදුවිය හැකියි.ඒරාශ්ටක පැවතියත් හදිසි විවාහ මංගල යෝග තත්වයක් අප්‍රියල් දක්වා කාලයේ පවතී.විදෙස්ගතවීම් සදහා සූදානම් වන්නේ නම් වසරේ මුල් කාලය තුල ඒ අවස්තාවන් හිමිවනු ඇත.

මාර්තු මාසය අග පමණ වන විට ආර්තික තත්වය පිලිබදව දුෂ්කරතා මතුවේ.නයතුරුස්වීමට සිදුවිය හැකියි.තමන්ගේ වටිනා භාණ්ඩ විකිණීමට උගස් තැබීමට හෝ සිදුවිය හැකියි.නැතිනම් හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා තැම්පත් ධනයක් වියදම්වී යාමට ඉඩ ඇත.හිතමිත්‍රයෙකු නිසා පාඩුවක් අලාබයක් සිදුවීමටද ඉඩ පවතී.දරුවෙකු සම්බන්ධව ගැටලුවක් ඇතිවීමට , ඒ හරහා ගෞරවයට , මානසික නිදහසට හානියක් සිදුවීමට අවස්තාව පවතී.ආදර ප්‍රේම සබදතාවයන්ද රැවටීම් වලින් අවසන්විය හැකිය.මැයි මාසය පමණ වනවිට විවාහක නම් සිය සහකරු හෝ සහකාරිය සම්බන්ධව සෞඛ්‍ය දුර්වලතා ගැටලු මතුවනු ඇත.පියා සම්බන්ධවද අසනීප තත්වයන් මතුවිය හැකියි.නිතර නිතර ගමන් බිමන් යෙදෙනවා ඇත.කුමක් හෝ කරුණක් පිලිබදව සිතන්නට කල්පනා කරන්නට ඉතිරිවේ.කාලයෙන් වැඩි කොටසක් කල්පනා කිරීමට ගතවේ.නිෂ්චිත අරමුණක් සහිත උවද එම අරමුණු බලාපොරොත්තු ඉටුකරගැනීමේදී බොහෝ බාධකයම් මතුවනු ඇත.නිවසේ සහ ගෙදර දොර කටයුතු සදහා ආදායමෙන් වැඩි කොටසක් වියදම් කිරීමට සිදුවේ.මේ අතරම නිවාස දේපල සම්බන්ධව අලුත්වැඩියාවන් කිරීමට සිත යොමුවේ.අගෝස්තු මාසය පමණවන විට අසල්වැසි සබදතාවයන් බිදීයන කරුණු ඇතිවේ.බාල සහෝදර සහෝදරියකටද අසුබදායකවනු ඇත.මේ අතර කාලයේ ආදර ප්‍රේම සබදතා ඇතිවීමටත් , එම සබදතා හරහා ගැටලු මතුකරගැනීමටත් , සිතුවිලි හැගීම් සහ පෙළබවීම් අනුව තමන්ගේ තත්වයට ගෞරවයට හානිවන සිදුවීම් සිදුවීමටත් අවස්තාව පවතී.නොගැලපෙන සබදතාවයන් විශේෂයෙන් ඇතිවීමට අවස්තාව සහිතයි.ආර්තික දුෂ්කරතා මතුවන අතර තමන් කරනා කටයුතු කරහාම අනෙකාට කපටිකම් කරන්නට , වංචා කරන්නට සිත්පහලවේ.වංචණික කටයුතු තමා අතින්ම සිදුවන කාලයක්වේ.

අගෝස්තු මාසය අවසන්වීමත් සමග තම විවාහ දිවිය සම්බන්ධව ගැටලු ඇතිවේ.සහකරු හෝ සහකාරිය සමග ගැටලුකාරී තත්වයන් ඇතිවේ.සැකය මූලික ගැටලු මතුවනු ඇත.ආගම දහම විස්වාසයන් පිලිබදව සලකා කටයුතු කරන්නට , වෙනදා නොපැවති ආකාර්යේ විස්වාසයන් ඇදහීම් සදහා යොමුවීමට සිදුවනු ඇත.බුද්ධිය පහලවේ.නව ඉගෙනීම් සදහා සිත යොමුවේ.ගුප්ත ඉගැන්වීම් විස්වාසයන් පිලිබදව අධ්‍යනය කරන්නට හෝ ඒ හරහා ඉගෙනීමක නිරතවන්නට අවස්තාව සැලසේ.දරුවන් සම්බන්ධවද නිතර නිතර ගැටලු මතුවනු ඇත.ආදායම් පහලබසී.හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිය හැකියි.මිතුරාම වංචා කරන කාලයකි.තමන්ගේ රහස් හෙළිවේ.ඉගෙනීම් කටයුතු අකණ්ඩව පවත්වාගැනීමට බාධා මතුවේ.විශේෂයෙන් තමන්ට ඉතා වයසින් වැඩි අයගේ උදව් උපකාර සහිත උවත් , උපකාරයක් හරහා ඔවුන් , තමන්ගේ වනත් අරමුණු ඉටුකරගැනීමට කටයුතු කරනවා ඇත.දැනට පවතින මානසික තත්වයන් නිතර නිතර වෙනස්වීමකට ලක්වනු ඇත.නිසි අරමුණක කටයුතු කිරීමට නොහැකිවන තරමට මානසිකත්වයත් , බාහිර වටපිටාවත් සැකසේ.නිවසේ පදිංචි ස්තානයේ වාසය කරන්නට සිත් නොදේ.කාලයෙන් වැඩි කොටසක් නිවසෙන් පිට වාස්සය කරයි.තරුණ තරුණියන් විශේෂයෙන් බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි.මෙම වසර පුරාවට පවතින්නේ සුබදායක යැයි පැවසිය හැකි ග්‍රහ තත්වයක් නොවේ.සිතේ එක් එක් අරමුණු බොහෝ ඇතිවූවත් , අවසානයේ එම අරමුණු සමගම පසුතැවීමට කරුණු ගොඩනැගෙනු ඇත.සතුට සහනය යැයි සිතා කරනා කටයුතු , ඇතිවන සබදතා , ආදී බොහෝ දේ නොසිතූ ගැටලු මතුකරමින් අවසන් වනු ඇත.ආදරය ප්‍රේමය සම්බන්ධව ඉතා ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත්වනු ඇත.තරුණ කොටස් සමාජගතවීමේදී සුදුසු සමාජයම තොරාගත යුතුය.සිතේ මනසේ ඇතිවන බිදවැටීම් සමග අයහපතට යොමුවීමට , අයහපත් සමාජයේ ගොදුරු බවට පත්වීමට , සියලු කටයුතු පසෙක දමා හිතමිත්‍ර ඇසුර සමග දවසින් වැඩි කාලයක් ගතකිරීමට , ඒ හරහා තමන්ගේ තත්වයට ගෞරවයට ප්‍රතිරූඵයට හානි ඇතිකරගැනීමට , තමන් පිලිබදව කේලම් කටකතා නිවසේ වැඩිහිටියන්ට අසන්නට ලැබීමට , ඒ හරහා පවුලේ සමගියට හානිවීමට වැඩි ඉඩක් පවතී.මවත් පියාත් වැඩිහිටියන් සමගත් විරුද්ධවාදීකම් ඇතිකරගැනීමට අවස්තාව පවතින කාලයකි.ඉතා බුද්ධිමත්ව කටයුතු කලයුතු වසරකි.සමස්තයක් ලෙස 2017 වසර පුරාවටම විවිධ හැලහැප්පීම් සහිතව ජීවිතය ගතකිරීමට වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සිදුවිය හැකියි.මුත්‍ර ආබාධයන් , වකුගඩු සම්බන්ධ දුර්වලතා , පාදයේ ආබාධ , වාතාබාධ , උදරගත රෝග ආදියත් ආහාර විසවීම් , පපුවේ සෙම නරක්වීම් ආදී තත්වයන් ඇතිවිය හැකිය.වැඩිහිටියන්ට නිතර නිතර මතුවන පාදයේ වාතාබාධයක් මතුවනු ඇත.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබට 2017 වසර සුබාසුබ මිශ්‍රඵල ඇතිකරයි.ආර්තික තත්වය වසරේ මුල් කාලසීමාවේදී යහපත්ව පවත්වා ගැනීමට හැකිවෙයි.නිවසේ පදිංචි ස්තානයේ උත්සව අවස්තා ඇතිවේ.නිවසේදී ගෞරවයක් පිලිගැනීමක් ඇතිවිය හැකිය.පෙර ආත්මීය මතකයන් සිහියට නැගේ.බුද්ධිය පහලවේ.නව අධ්‍යාපණික අවස්තාවන් හිමිවේ.ඉගෙනීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙයි.ඉගෙනීම් කටයුතු සම්බන්ධව වෙනදා නොපැවති උනන්දුවක් මෙම වසර පුරාවටම පවතිනු ඇත.2020 වනවිට ඒරාශ්ටක අපලයක් ආරම්බවීමට පවතින බැවින් ඊට පෙර වසර තුන ජීවිතයේ විශේෂ යහපත් බවක් ඇතිකරගැනීමට අවස්තාව උදාවේ.එයින් 2018 දක්වා කාලය ඉගෙනීම් සම්බන්ධව විශේෂ යහපතක් බලාපොරොත්තු විය හැකියි.ජ්‍යෙතිෂය , වෙදකම ආදී පැරණි විෂයන් සදහා යොමුවීමටත් ඒ සම්බන්ධව කටයුතු මගින් විශේෂ පිලිගැනීමක් තත්වයක් ඇතිකරගැනීමටත් හැකියාව පවතී.මුදල් අත මිට පැවතියද ඉතිරි කිරීම් ගැටලුකාරීවේ.නිවාස දේපල කටයුතු කිරීමට , නව දේපලක් මිලදී ගැනීමට අවස්තාව උදාවනු ඇත.පැරණි දේපලක් හෝ පැරණි අයිතිවාසිකමක් තහවුරුකර ගැනීමට අවස්තාව උදාවේ.හිතමිත්‍ර සබදතා ප්‍රේම සබදතා ගොඩනගා ගැනීමට අවස්තාව සැලසේ.මංගලයෝග උදාවේ.වසරේ මුල් භාගය තුල විවාහවීමේ බලාපොරොත්තුවෙන් සිටිනා අයගේ  එම බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සැලසුනද අගෝස්තු මාසය පසුවීමත් සමග ඒ සම්බන්ධව යම් යම් ගැටලුකාරී තත්වයන් මතුවනු ඇත.2018 දක්වාම මංගල යෝග ක්‍රියාත්මක අතර විවාහවීමට විශේෂ අවස්තා සහිත කාලයකි.

නිතර නිතර ගමන් බිමන් යාමට සිදුවේ.විවාහක නම් විවාහය සම්බන්ධව ගැටලුකාරී තත්වයන් මතුවනු ඇත.තමන්ගේ රැකියාව සම්බන්ධව සුලු සුලු ගැටලුකාරී තත්වයන් මතුවූවත් ඒවා විසදගැනීමට අවස්තාව පවතින අතරම රැකියාවේ උසස් වීමක් ලැබීමට , ඒ සදහා ඉල්ලුම්කිරීමට , ඒ සදහා උසස් අයගේ උදව් උපකාර ලැබීමට හැකියාව ලැබෙනා වසරකි.විශේෂයෙන් වෛද්‍ය අංශයේ රැකියා බලාපොරොත්තුවන්නන්ට , විදෙස්ගතවීම් බලාපොරොත්තු වන්නන්ට එම අවස්තාව හිමිවේ.ජුලි මාසය පසුවනවිට උපක්‍රමික ඤාණය සහ කපටි බුද්ධිය මතුවේ.උසස් පෙළ වැනි විභාගයන්ගෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීමට අවස්තාව පවතී.නමුත් මේ කාලසීමාව තුලදී හදිසි උණ තත්වයන් , මානසික ආතතිය වැනි තත්වයන් , හිසේ කැක්කුම් ඇතිවීමට ඉඩ ඇත.වියදම් අදිකව සිදුවනු ඇත.අගෝස්තු මාසය අවසාන වනවිට විවාහ දිවිය සම්බන්ධවත් , තම ආර්ථික සුරක්ෂිතතාවය සම්බන්ධවත් සැලකිලිමත්විය යුතුමය.නව මුදල් ආයෝජන කටයුතු , විදෙස්ගත වීම් ආදියට , මිලදී ගැනීම් ආදියේදීත් සැලකිලිමත්විය යුතුයි.නැතිනම් අවසානයේ අතේ ඇති මුදලටත් හානි සිදුවීමට අවස්තාව පවතී.ගුප්ත කටයුතු සදහා යොමුවීමට සිදුවේ.එමෙන්ම ගැහැණු ළමුන්ට සහ තරුණ කාන්තාවන්ට අමනුෂ්‍ය දෝශයම් ඇතිවීමට , උදරගත සෞඛ්‍ය ගැටලු මතුවීමට සිහිනයෙන් බිය ඇති වීමට අවස්තාව පවතී.කෙසේ උවත් සුබාසුබ මිශ්‍රව වසර ගෙවීයන අතර සුබදායක බව වර්ධනය කරගැනීමට , ඇතිවන ඕනෑම ගැටලුවක් සමනය කරගැනීමට අවස්තාව උදාවනු ඇත.මීට පෙර නොතිබූ ආකාරයක බුද්ධියක් ඤාණයක් මතුවන අතර එයින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කල යුතුයි.දියුණුවට සාර්තකත්වයට , ගෞරවයට , පිලිගැනීමට ලක්වීමට අවස්තාව හිමිවනවා ඇත.බඩ සම්බන්ධවත් , උදරගත රෝග සම්බන්ධවත් , විවාහ දිවියේ සාමය සම්බන්ධවත් වසර පුරාවටම සැලකිලිමත්විය යුතුයි.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබට 2017 වසරේ මුල් මාස හතරක පමණ කාලය එතරම් සුබදායක වන්නේ නැත.හදිසි අනතුරු හදිසි තුවාල ආදිය , මුත්‍රා ආබාධ , උදරගත රෝග තත්වයන් ඇතිවීමට අවස්තාව පවතී.මුදල් පිලිබද කටයුතු තවදුරටත් ප්‍රවෙසමෙන් යුතුව කල යුතුය.මුදල් යොදවා ආරම්බ කල කටයුතු ලාබ ලැබීමට පෙරාතුව බිදවැටීම සිදුවිය හැකිය.පාඩු සිදුවේ.හදිසි වියදම් යෙදේ.අමතර වියදම් ඇතිවේ.සහෝදරයෙකුට අපලදායකයි.අසල්වැසියන් හිතමිත්‍රයන් සමග දුරස්වීම් අමනාපකම් ඇතිවීම් සිදුවිය හැක.මිත්‍රයන් හරහාම ධන හානි සිදුවිය හැක.සතුරුකම් වලට මුහුණ දීමට සිදුවනවා ඇත.මාර්තු මාසය මැද පමණ වනවිට තත්වය සුබදායක වේ.ලාබ ලැබේ.රැකියාවට අමතර වෙනත් ආදායම් සදහා යොමුවීමට අවස්තාව ලැබේ.සිතේ සතුට ප්‍රිතිය ඇතිවේ.නිසි අරමුණක් සහිතව කටයුතු ගොනුවේ.ගෞරව ප්‍රසංසා හිමිවේ.ප්‍රධානත්ව පිලිගැනීම සහිතයි.කර්මාන්ත අංශයේ කටයුතු කරන අයට , භූමිය සමග ආර්තික කටයුතු කරනා අයටත් යහපත්ය.අප්‍රියල් මාසය අවසානය සමග රැකියා උසස් වීම් සදහාත් , නව ඉගෙනීම් සදහාත් අවස්තාව සැලසෙනු ඇත.විදෙස්ගතවීම් සාර්තකවේ.ඒ සදහා කටයුතු සූදානම් කර බලා සිටියේ නම් ස්තිරවම ලබන වසර තුලදී එම බලාපොරොත්තු ඉටුවනවා ඇත.තම නිවසේ සුලුවෙන් හෝ උත්සව අවස්තාවක් යෙදේ.නිවසට නෑ හිතවතුන්ගේ පැමිනීමත් , නිවසේ පරිසරය තුල ගෞරවයට ප්‍රසාධය ලැබීමටත් හැකිය.නව දේපලක් මිලදීගැනීමට , අතපසුව පැවති නිවාස දේපල කටයුතු නැවත ආරම්බ කිරීමට අවස්තාව සැලසෙනවා ඇත.

මැයි මස සිට අගෝස්තු දක්වා කාලය නැවතත් සෞඛ්‍ය දුර්වලතා , හදිසි අනතුරු , සතුරු කරදර පීඩා දරුවන්ගේ ගැටලු , ඉගෙනීමේ බාධා ආදිය ඇතිවීමට ඉඩ ඇත.දරුවන් පිලිබදව හදිසියේ ගැටලුවක් ඇතිවිය හැකියි.එය දරුවන්ගේ ඉගෙනීම හෝ සෞඛ්‍ය හෝ වෙනත් ගැටලුවක්විය හැක.ප්‍රේම සබදතාවයන් අස්තාවරවේ.හිතමිත්‍රයන් දුරස්වේ.නමුත් නවහිතමිත්‍ර සබදතාවයන් ඇතිවේ.වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමිවේ.විවාහය සම්බන්ධව ක්‍රමයෙන් ගැටලු මතුවෙමින් පවතිනු ඇත.සහකරුගේ හෝ සහකාරිය සම්බන්ධව හදිසි වියදම් සිදුවේ.සෞඛ්‍ය දුර්වලතාවයක් සුලුවෙන් හෝ විවාහ පාර්ශවය සම්බන්ධව ඇතිවේ.අගෝස්තුව පසුවන විට ජීවිතයේ වෙනස්කම් කිහිපයක් සිදුවේ.දුර බැහැර ගමන් බිමන් යෙදේ.මානසික ව්‍යාකූලතා මතුවූවත් නිශ්චිත අරමුණක කටයුතු පවත්වාගෙන යාමට හැකිවේ.ලැබීමට තිබූ ණය මුදල් , ප්‍රමාධ වෙමින් පැවති ලාබ , හිමිවනු ඇත.මෙතෙක් ආ ගමන්මග වෙනස්කිරීමට සිතේ.රැකියාවේ ස්තාන මාරු යෙදේ.රැකියාවේ කටයුතු සදහා පිට පලාත් සමග සබදතා ඇතිකරගැනීමට , ආයතනයෙන් , කාර්‍යාලයෙන් පිට කටයුතු කිරීමට අවස්තාව සැලසේ.රැකියාවේත් , ගෘහ , සහ පවුල් ජීවිතයේත් වගකීම් මගහැරී යනු ඇත.නිවස තුල සැකයට ලක්වීමට සිදුවේ.රැකියා නොකරන තරුණ තරුණියන් විශේෂයෙන් ප්‍රවේසම්වීම වැදගත්ය.නින්දා අපහාස, කේලම් කටකතා ආදිය ඇතිවීමටත් නොකල දේ සදහාත් , තමන්ගේ නොවන අනුන්ගේ වැරදි සදහා වැරදිකරු වීමටත් සිදුවිය හැක.

අගෝස්තු අග කාලය වනවිට නොගැලපෙන සබදතා හිතවත්කම් ඇතිවෙයි.ගැහැණු ළමුන් නම් තම ගෞරවය රැකෙන ලෙස කටයුතු කල යුතුයි.ගැහැණු පිරිමි , වයස් බේධ නොමැතිව මෙම කාලසීමාව අසුබදායකවේ.පවුල් ජීවිතවලට හානිවන ලෙස අසම්මත සබදතා ඇතිවීමටත් , තමන්ගේ තත්වය ගෞරවයට හානි ඇතිවීමටත් විශේෂ අවස්තා පවතී.ලේ දෝශයන් ඇතිකරවයි.ස්නායු ආබාධයන් මතුවේ.සතුට විනෝදය සදහා වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවනවා ඇත.රහස් කටයුතු , රහස් ගමන් බිමන් ඇතිවේ.මෙවැනි තත්වයන් හේතුවෙන් තමා දෙස අවධානයෙන් සිටින බාහිර පිරිස් ඔබගේ අඩුපාඩුකම් දකී.විවේචන සිදුකරයි.ඉගෙනීමේ කටයුතු සදහා පැවති හිත වෙනස්වේ.පාසලේ උවත් බාහිර කටයුතු සමග ප්‍රසිද්ධියත් , ජයග්‍රහනයත් , පිලිගැනීමත් ගෞරවයත් හිමිවනු ඇත.නමුත් ඉගෙනීමේ පිලිවෙළට හානි සිදුකරගනී.ලබන වසරේ අග බාගය පසුවනවිට අධ්‍යාපණික දුර්වලතා මතුවනු ඇත.මේ සමග ඇතිවන දුර්වලතාවයන් නැවත යතා තත්වයට පත්කරගැනීමට අමතර වෙහෙසක් ගැනීමට සිදුවනු ඇත.සමස්තයක් ලෙස ඉදිරි වසර සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවනු ඇත.උදරගත රෝග තත්වයන් , වාතාබාධයන් , දනිස්සේ පාදයේ ගැටලු , හදිසි අනතුරු සහ ලිංගාබාධයන් , මානසික ව්‍යාකූලතා , ස්නායුගත දුර්වලතා ආදිය ඇතිවීමට ඉඩ පවතී.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබට , මෙතක් පවත්වාගෙන ආ කටයුතු වෙනස්වීමකට ලක්වේ.හිතමිත්‍රයන්ගේ දුරස්වීම් , බේධ වීම් මතුවේ.පැවති ආදර ප්‍රේම සබදතාවයන්ට හානි සිදුවේ.මානසික ව්‍යාකූලතා සහ චිත්ත පීඩාවන් මතුවනු ඇත.විවාහය , ගෘහ ජීවිතය , සාමය සමගියට හානි ඇතිකරවයි.ලේ දුර්වලතාවයක් හෝ ආහාරවිසවීමක් වසරේ මුල් කාලය තුල මතුවිය හැකිය.අමනුෂ්‍ය දෝශයන්ට ලක්වේ.වෙහෙසකර නිෂ්ඵල දුරබැහැර ගමන් බිමන් යෙදේ.විවාහ පලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුනොවී යයි.ස්තිරකරගත් මංගල යෝජනා උවද හදිසියේ බිදවැටීමට , කල්දැමීමට සිදුවීමට අවස්තාව පවතින කාලයකි.සිතේ වැඩි බලාපොරොත්තු තබා නොගත යුතුය.දරුඵල ලාබයක් ලැබීමට අවස්තාව ඇත.නමුත් දරුගැබට හානි සිදුවීමක් හෝ ඒ සම්බන්ධව ගැටලුකාරී බවක් ඇතිවනවා ඇත.දරුවන් සිටින දෙමාපියන්ට , දරුවන් සම්බන්ධව වැඩි වෙහෙස මහන්සියකින් යුතුව , සොයාබැලීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවෙනවා ඇත.දරුවන්ගේ හිතුවක්කාර කම්වලට මුහුණ දීමට සිදුවේ.ඉගෙනීම සම්බන්ධව නව අවස්තාවන් , නව මාර්ගයන් ඇතිවනවා ඇත.නමුත් සියලු කටයුතු එකපිට වැටී , කාර්‍යබහුලවී , අවසානයේ තම කටයුතු නිසි ලෙස අවසන්කරගැනීමට නොහැකිව පසුතැවීමට සිදුවනවා ඇත.තමන්ට  වන දුක් කරදර පාඩු , අපහසුතාවයන් තවත් අය සමග පැවසීමට සිදුවිය හ්කියි.ඔබට අයහපතක් වනවිට එය ඇසීමටවත් , පෙර සිටි හිතමිත්‍රයන් නැතිවී තිබෙණු ඇත.නව සමාජයක ඇසුරටත් , නව හිතමිත්‍ර සබදතාවයනුත් ඇතිකරගැනීමට සිදුවේ.ඔවුන් තමන්ට කිසියම් ආකාරයකින් නොගැලපෙන , බොහෝ විට වයස් පරතරයෙන් වැඩි අය වනු ඇත.නමුත් උදව් උපකාර මගපෙන්වීම් ආදිය හිමිවේ.වැඉමහල් සහෝදරයෙකුට අසුබදායක වන අතර රැකියාව ස්ම්බන්ධවත් , තමන්ගේ ස්තිර ආදායම සම්බන්ධවත් , හවුල් කටයුතු , ව්‍යාපාර ආදිය සම්බන්ධවත් ගැටලුකාරී තත්වයන් ඇතිවනවා ඇත්.හිතමිතුරන්ම , හවුල් කරුවන්ම තමන්ට වංචාවන් සිදුකරනු ඇත.අවසානයේ සියල්ල අතහැර දමා තනිව ස්වාධීනව කටයුතු කිරීමට සිදුවනු ඇත.වසරේ මුල් කාලය හදිසි වියදම් අනවශ්‍ය වියදම් ආදිය ඇතිවීමටත් අසම්මත සබදතා , හිතවත්කම් ආදිය ඇතිවීමටත් , ඒ හරහා සාමකාමී පවුල් දිවියට , ගෘහ දිවියට ගැටලු මතුවීමටත් ඉඩපවතී.

ලබන වසරේ අප්‍රියෙල් මාසය පසුවන විට තමන්ගේ සිත මනස ශක්තිමත්වේ.බලාපොරොත්තු ඇතිවේ.ප්‍රේම සබදතා , හිතමිත්‍ර සබදතා ඇතිවේ.කම්සැප ලාබයන් සහිත කාලයකි.තමා අනෙකාට වඩා කැපී පෙනෙනා තත්වයකට පත්වේ.උත්සහයත් උනන්දුවහ් සහිතව කටයුතු සිදුවේ.ඉගෙනීම් කටයුතු සම්බන්ධව ප්‍රගතියක් බලාපොරොත්තු විය හැකි කාලයකි.සහෝදර සහෝදරියන් හේතුවෙන් තමාට අමතර වියදම් දැරීමට සිදුවනු ඇත.අසල්වැසියන්ගේ දුක් කරදර වලට පවා පිහිට වීමට සිදුවනු ඇත.අසරණයන්ට පිහිටවීමට සිදුවන , සිතේ අනුකම්පාව වර්ධනය වන කාලයකි.පිනට දහමට සිත යොමුවනු ඇත.කොතරම් කලත් ගුණයක් අසන්නට නොලැබේ.හොදින් සිතා බලා තීරණය කර ලොකුම මෝඩකමක් කරනු ඇත.රැකියාවේ විශේෂ අයහපතක් ඇතිනොවෙතත් තමන්ගේ මහන්සියට නිසි වැටුපක් නොලැබී යාමට , නැතිනම් ලැබීමට ඇති මාසික වේතනය ප්‍රමාධවීම් සිදුවනු ඇත.අමතර ආදායම් ලබමින් තිබූ ක්‍රම , වැඩ හිටිහැටියේ අතරමග නවතා දැමීමට සිදුවනු ඇත.රැකියා බලාපොරොත්තු වන්නේ නම් තම සුදුසු කමට අනුව රැකියාව නොලැබී යාමට , රැකියාවේ දුෂ්කරතා මතුවීම සිදුවනු ඇත.ශරීරයේ කිසියම් රෝග තත්වයක් මතුවෙමින් පවතිනු ඇත.එය උදරගත රෝග තත්වයක් විය හැකිය.ආහාරයක් විසවීමක් , යටපත්ව පැවති විස තත්වයක් මතුවීමක් විය හැකියි.ශරීරයේ මලානික බවක් ඇතිකරයි.හදිසි තුවාල හෝ ලේ දෝශයක් . පෝෂණ ඌණතාවයක් මතුවීමට ඉඩ ඇත.අගෝස්තු මස පසුවීමත් සමග හදිසි රෝහල්ගතවීමක් සිදුවීමට ඉඩ ඇත.එය පපුව සම්බන්ධව ඇතිවන ගැටලුවක්වීමටද ඉඩ පවතී.නීතිමය ගැටලු බාධා ඇතිවිය හැකිය.තම තත්වය ගෞරව පිලිබදව ගැටලු ඇතිවේ.රහස් හෙළිවේ.සමාජයෙන් දුරස්වීමක් සිදුවිය හැකිය.සුරතල් සතුන්ගෙන්ද , සර්පයන් වැනි විස සහිත සතුන්ගෙන්ද හානි විපත් සිදුවිය හැකිය.කෙටි ගමන් බිමන් රාත්‍රී ගමන් හානිදායකයි.අමනුෂ්‍ය බලපෑම් සහිතයි.සිහිනෙන් හෝ බිය ඇතිවේ.සිත චංචල වන සිදුවීම් සිදුවිය හැකියි.

සැප්තැම්බර් මාසයෙන් ඉදිරියට වසර අවසානය දක්වා කාලයද එතරම් සුබදායක වන්නේ නැත.වසර මුල් කාලයේ ඇතිවූ හිතමිත්‍ර සබදතා ක්‍රමයෙන් අවසන්වේ.පාඩු අලාබ සහ්තව කාලය ගෙවේ.අවස්තාවාදීන් හමුවේ.නැතිබැරිකම් අසරනකම් සහිත අය හමුවේ.ඔවුන්ගේ දුක් අසන්නට සිදුවේ.තමන්ගේ ගැටලුවලට අමතරව තමන්ගේ නොවන ගැටලුද මතුවනු ඇත.මුදල් නයට ඉල්ලා සිටින්නන් , අතේ ඇති මුදලට නව ආයෝජකයන් හමුවේ.සැලකිලිමත්විය යුතුය.අවස්තාවාදීන්ට රැවටීමට හසුවීමට ඒ හරහා පාඩු විදීමට , අභූත චෝදනාවන්ට ලක්වීමට , වැඩිහිටියන්ගෙන් විවේචන ඇතිවීමට කරුණු ඇතිවේ.මවටද එතරම් ගුණයක් යහපතක් නොමැති , මවගේ ඤාතීන්ගේ දුක් කරදර වියෝගයන් සිදුවන කාලයකි.විශේෂයෙන් සිංහ ලග්නයේ ඔබ 2017 වසර තුලදී ඉගෙනීම් සම්බන්ධවත් , ආදර ප්‍රේම සබදතා , නොගැලපෙන සබදතා , විවාහ දිවියට බාධා වන , සැක මතුවන සබදතා ආදිය පිලිබදව සැලකිලිමත්වීමත් තම සෞඛ්‍ය සහ ආහාර රටාවන් සම්බන්ධවත් , ඉතිරිකල ධනය සහ මනසික නිදහස පිලිබදවත් සැලකිලිමත්වීම වැදගත්වනු ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වසරේ මුල් මාස කිහිපය තුල හදිසි අනතුරු , මානසික පීඩා , සිතේ මනසේ බිදවැටීම් , කලකිරීම් , පසුතැවීම් , සහෝදර සහෝදරයන් සම්බන්ධ ගැටලු හෝ සිත් අමනාපකම් මතුවිය හැකිය,ක්‍රමයෙන් සිතේ මනසේ ඇතිවන ව්‍යාකූලතාවයන් නිවසේ සාමයට සමගියටද බාධා මතුකරනවා ඇත.නිවස අප්‍රිය ජනක ස්තානයක් වීමට , රැකියාවේ දුෂ්කරතාවයන් මතුවීමට , සියලු දෙනාගෙන් දුරස්ව කටයුතු කිරීමට සිතෙනවා , සිදුවනවා ඇත.තමන්ගේ වටිනා දෑ ප්‍රයෝජන ගැනීමට නොහැකිවන තරමට අලාබහානි ඇතිවීමට , තමන්ගේ දෙයින් අනෙකා ප්‍රයෝජන ලැබීම ආදී දේ සිදුවනු ඇත.තම අයිතිවාසිකම් , තම බලය ආදී තත්වයන් දුර්වලවේ.නිවසේ සමගිය හානිවේ.මව හෝ පියා අසනීප වීමට හෝ ඔවුන් සමග අමනාපකම් සිදුවීමට , දින ගණන් කතාබහ නොකර සිටීමට සිදුවිය හැකියි.සිතට කලකිරීමත් පසුතැවීමත් , මානසික විදවීමත් සහිතව කාලය ගතවෙයි.නිවසේ , වාසස්තානයේ කිසියම් කරදර කාරයෙකු සිටිනා කාලයකි.එක්කෝ නිතර නිතර අස්නීපයක් ඇතිවන අයෙකු සිටී.නිවසට පැමිණෙන්ද , කතා බහ කරන්නේද දුක් කරද ප්‍රශ්ණ ඇති අයවේ.හිතවතුන් ඇතිවන්නේද ඒ ආකාරයෙනි.අප්‍රියල් මාසය පමණ වනවිට හදිසි මුදල් අවශ්‍ය තාවයක් යෙදිය හැකියි.බිරිද හෝ ස්වාමියා වෙනුවෙන්ද හිතමිත්‍රයන් නිසාද , සබදතා ආදිය නිසාද අදික වියදම් සිදුවනු ඇත.දුර බැහැර ගමන් බිමන් විනෝද චාරිකා ආදිය යාමට අවස්තාව සැලසේ.රැකියාව සම්බන්ධව , ආදායම සම්බන්ධව මේ කාලයේදී සුබදායක උවත් ආදායමෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකිවේ.හිසේ කැක්කුම් ගති නිතර නිතර ඇතිවිය හැකිය.කලබලය සහ කෝපය ඇතිකරයි.තත්වයට ගෞරවයට හානි සිදුවීමට ඉඩ ඇත.මංගල යෝජනා ඉදිරිපත්වේ.විවාහය සිදුවන කාලයකි.සබදතා ආදිය ශක්තිමත්ව ඇතිවන්නේ නම් හදිසි විවාහයක් වීමට උවද අවස්තාව පවතී.ගෘහ මානසිකත්වයේ , පවුල් දිවියේ ප්‍රශ්ණ ගැටලු බාධක පැවතියත් විවාහ දිවියත් ගෘහ දිවියත් ගෞරවාන්විතව ගතකිරීමට අවස්තාව සැලසේ.කුමන ආකාරයේ ප්‍රශ්ණ ගැටලු ප්වතියත් ඉවසාගෙන ලෝකයට පෙනෙන්නට හෝ සැහැල්ලුවෙන් සිටීමට සිදුවනු ඇත.

ජුලි මාසය පමණ දක්වා විශේෂ අයහපතක් ඇතිනොවේ.මානසික නිදහස සහිතය.සහෝදරයෙකුට හෝ සහෝදරියක සම්බන්ධව අසුබ ඇතිවේ.රැකියාවේ උසස්වීම් ආදියට අවස්තාව හිමිවේ.වෙළද ව්‍යාපාර ආදියෙන් ලාබ හිමිවේ.නිවසේ උත්සව අවස්තාවන් , ආගමික කටයුතු සිදුවනු ඇත.එවැනි කටයුතු සදහා සම්බන්ධ වීමට අවස්තාව හිමිවනු ඇත.අගෝස්තු මාසය පමණ වන විට හදිසි ලාබයක් ලැබීමට , ප්‍රමාද වෙමින් පැවති ණග ගනුදෙනු , ඉල්ලුම්කර තිබූ මූල්‍ය ඉල්ලිම් , ප්‍රමාදවෙමින් හෝ ගැටලුකාරීව පැවති වැටුප් ආදිය හිමිවේ.ලාබ සහිතය.විදෙස්ගතවීමට විශේෂ අවස්තාවක් පවතී.වන්දනා ගමන් දුර බැහැර ගමන් යෙදේ.සහබාගීවේ.තැගී බෝග ලැබීම් පවතී.ඉගෙනීම් කටයුතු තුලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමටත් , නව ඉගෙනීම් සදහා යොමුවීමටත් අවස්තාව හිමිවනු ඇත.විදෙස්ගත උසස් අධ්‍යාපණයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ඉල්ලුම් කිරීමට සුදුසු කාලයකි.ඤාණය බුද්ධිය පහලවන , වෙනදා නොපැවති දුර දක්නා නුවනක් ක්‍රියාත්මක වන කාලයකි.නමුත් හදිසි අනතුරක් , රිය අනතුරක් , උසකින් වැටීමක් , උණු ජලයෙන් , ගින්නෙන් හානි කරදර මතුවීමටද , හදිසි උණ , බෝවන රෝග ආදිය ඇතිවීමටද අවස්තාව පවතී.හදිසි හෘධයාබාධයන් වැනි තත්වයන් උවද මතුවිය හැකිය.විශේෂයෙන් හදවත් රෝගීන් , ස්නායු දුර්වලතාවයන් පවතින්නන් සැලකිලිමත්විය යුතු කාලයකි.සැප්තැම්බර් අවසානය පමණ වනවිට නැවතත් මානසික තත්වයේ ගැටලු ක්‍රමයෙන් වර්ධනය කරයි.ගැටලු කරදර පීඩා සහිත උවත් ආර්තික තත්වය , විවාහයේ තත්වයන් සම්බන්ධව විශේෂ ගැටලුවක් ඇතිනොවනු ඇත.ආර්තික වශයෙන් විශේෂ ලැබීමක් සහිත කාලයකි.රැකියාව සම්බන්ධවද යහපත් බවක් ඇතිවේ.ආදර ප්‍රේම සබදතා ශක්තිමත් හිතමිත්‍ර සබදතා ඇතිවෙයි.අමනාපයෙන් සිටි අය නැවත මිත්‍රවන , කාන්තා පාර්ශවයෙන් විශේෂ උදව් උපකාර හිමිවන , විභාග තරග ආදියට ඉදිරිපත්වන්නේ නම් එයින් ජයග්‍රහනයක් සාර්තකත්වයක් බලාපොරොත්තු විය හැකි කාලයක් වනු ඇත.දේපල මිලදී ගැනීමට , අලුත්වැඩියාවට , ආරම්බකර තිබූ කටයුතු අවසන්කරගැනීමට අවස්තාව ලැබේ.වසරේ මුල් කාලසීමාව ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපත්වන අතර වසර මැද බාගයේ සිට අවසානය දක්වා විශේෂ අසුබ බවක් ඇතිනොකරනු ඇත.නමුත් දරුඵල බලාපොරොත්තුවෙන් සිටිනා අයත් , ගැබ්බර මව්වරුනුත් , හදවත් රෝගීනුත් ප්‍රවේසම්විය යුතුය.එමෙන්ම උදරගත රෝග තත්වයන් පිලිබදව සැලකිලිමත්විය යුතුය.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබ වසර හතයි මාස හයකට ආසන්නව පැවති සෙනසුරුගේ ලග්න ඒරාශ්ටකය මෙම වසරේ ජනවාරි 25 වනදායින් අවසන් කරයි.නමුත් උප්පත්ති කේන්ද්‍රයේ ලග්නයෙන් තුන්වැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් හෝ ලග්නයෙන් අටවැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව ඇත්නම් ඒරාශ්ටක අපල අවසන් නොවේ.2017 - 20 අතර කාලයේ තවදුරටත්  ඒරාශ්ටක යෙදෙන අතර එය ගෙවීගිය ලග්න ඒරාශ්ටක අපලයට වඩා බලවත් අසුබ ඇතිකරවනු ඇත.කෙසේ නමුත් ඉදිරියට ඒරාශ්ටක නොමැති තුලා ලග්න හිමියන්ට ලබන වසරේ මුල් දින 25 ක කාලය සුබදායක නැත.හදිසි ධන හානියක් , දෙමාපියන් පවුලේ අය සමග ගැටලුවක් , ආදර ප්‍රේම සබදතා හෝ පැවති දීර්ගකාලීන හිතවත්කම් බිදීමක් සිදුවීමට ඉඩ ඇත.උදරගත රෝගයකින් ඒරාශ්ටක අවසන්වීමටද ඉඩ ඇත.හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි.ගැබ්බර මව්වරුන් වසරේ මුල් මාස කිහිපය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.විශේෂයෙන් ආහාර රටාව , ලේ සහ පපුවේ පීඩන තත්වයන් පිලිබදව සැලකිලිමත්වීම වැදගත්වේ.කාම රාගී අදහස් වැඩි වශයෙන් ඇතිවේ.මේ හරහා රහස් කටයුතු රහස් සබදතාවයන් ඇතිවනවා ඇත.ශරීර ශක්තිය අදික ලෙස වැය වන , නිතර නිතර බඩගිණි මතුවන කාලයක් ලෙස වසරේ මුල් මාස කිහිපය හැදින්විය හැකිය.නව ඇදුම් පැලදුම් මිලදී ගැනීමට හැකිවන , අතහැර දැමූ දේ නැවත අලුත් වැඩියාකිරීමට , ඒවායෙන් නිසි පළප්‍රයෝජන ලැබීමට හැකියාව ලැබෙනු ඇත.තමන්ට කරදරයක් පීඩාවක් වූ සියලු දෙනාගෙන් ඈත්වීම සිදුවනු ඇත.නමුත් ඔබගේ රහස් දන්නා අය ඔබට විරුද්ධවන අතර රහස් හෙළිකිරීමට , ඔවුන් කටයුතු කරනු ඇත.ඔබ මෙතෙක් ඇසුරු කල අය අතරින් යහපත් අවංක පුද්ගලයාත් වංක අයහපත් පුද්ගලයාත් නිසි ලෙස හදුනාගැනීමට හැකිවනු ඇත.සහෝදර අහෝදරියන් සමග පැවති සබදතාවයන් සීමා සහිතව පවත්වාගෙන යයි.

ජුනි 22 වනදා සෙනසුරු වක්‍ර ගමනින් නැවතත් වෘශ්චික රාශියට පැමිනීම සිදුවේ.මේ සමගම නැවතත් ලග්න ඒරාශ්ටක අපල තත්වය ඇතිකරයි.රැකියාව සම්බන්ධවත් තම ආදායම් මාර්ග සම්බන්ධවත් . විවාහය සම්බන්ධවත් , වැඩිමහල් සහෝදර සහෝදරියක සම්බන්ධවත් ගැටලු මතුකරයි.නිවසේ ගෘහ ජිවීතයේ තත්වයන් ගැටලුකාරීවේ.මුදල් ආයෝජන පාඩු ඇතිකරයි.දේපල සහ අයිතිවාසිකම් සම්බන්ධව ගැටලු මතුවේ.රැවටීම් වංචා ආදියට හසුවීමට ඉඩපවතී.හදවත් අසනීප ආදියත් රැකියා ස්තානයේ හදිසි අනතුරු ආදියත් ඇතිවිය හැකිය.නහර සහ ස්නායු දුර්වලතා මතුවේ.මෙම කාලසීමාව ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.විවාහය ආදී විශේෂ මංගල අවස්තාවන්  මගහැරීයාමට අතපසුවීමට ඉඩකඩ පවතී.කෙසේ වෙතත් අගෝස්තු මාසය පසුවන විට රැකියාවේ වෙනසක් හෝ ස්තාන මාරුවක් යෙදෙනවා ඇත.දුර බැහැර ගමන් බිමන් ඇතිවේ.අසනීප තත්වයන් හෝ සිතේ මනසේ නොයිවසිලිවන්තකම් ඇතිවන , හදිසිය කලබලය ඇතිවන කාලයක්වනු ඇත.ඉතා කාර්‍ය බහුල කාලයකි.තමාට වගකීම් වැඩිවේ.මානසික නිදහසට හානි ඇතිකරවයි.කම්මැලි , අලස ගති ඇතිවේ.තමාගේ වටිනාකම් අන්සතු වීමට තමන්ට නිවසට සොර සතුරු බිය ඇතිවිමට , අමනුෂ්‍ය දෝශයන්ට ලක්වීමට ඉඩ පවතී.නිවස අලුත්වැඩියා කිරීමට සිදුවේ.කාලගුණික දේශගුණික වෙනස්වීම් ආදියෙන් සෞඛ්‍ය දුර්වලතා මෙන්ම ස්තානීය ගැටලු උවද ඇතිවිය හැකිය.

ඔක්තෝම්බර් මාසය වනවිට ගුරු ලග්නය හරහා ගමන්කරන අතර සෙනසුරුගෙන් යෙදී තිබූ ඒරාශ්ටක සම්පූර්ණයෙන්ම අවසන්වී යයි.නැවතත් යහපත් කාලයක් උදාවේ.සිතේ සතුට ප්‍රිතිය ඇතිවේ.රැකියා ලැබේ.ආදායම් මාර්ග යහපත්වේ.ඉගෙනීම් කටයුතු යහපත්වේ.පිලිගැනීමක් ගෞරවයක් සහ ප්‍රසිද්ධියක් යහපත් ආකාරයෙන් ඇතිවනු ඇත.බලාපොරොත්තුවෙන් සිටි විවාහ යෝජනාවන් ස්තිරවේ.ඒ සම්බන්ධ කටයුතු නිසි ආකාරයෙන් සිදුවේ.අඩුපාඩු දුර්වලතා සිහිපත්වේ.ඒවා නැවත යහපත්කරගැනීමට කටයුතු කරයි.බුද්ධිමත් තීරණ ගනී.ආගම දහම පිලිබදව පැහැදීමක් ඇතිවේ.පිනට දහමට යොමුවේ.දුර බැහැර වන්දනා ගමන් යෙදේ.සමාජීය කටයුතු සදහා යොමුවේ.එයින් වෙනදා පැවතියාට වඩා පිලිගැනීමක් තත්වයක් ගෞරවයක් ලබනු ඇත.පෞර්ෂය යහපත්වේ.ප්‍රතිරූපය යහපත්වේ.තමන්ගේ අගුණ නරක කිවූ අයම ඔබගේ යහපත් ගුණයන් වර්ණනා කරයි.අමනාපයෙන් සිටි අය මිත්‍රවේ.නිවසට නෑ හිතවතුන්ගේ පැමිණීම සිදුවේ.නමුත් තම වාසස්තානයේ ජීවත්වන පරිසරයේ ගැටලුකාරී තත්වයන් විටින්විට මතුවනවා ඇත.තුලා ලග්නයෙන් උපන් ඔබට වසරේ මැද කාලසීමාව පමණක් අසුබදායක වන අතර වසරේ අගකාලයත් සමග බොහෝ අංශයන්ගේ යහපතක් සාර්තකත්වයක් ඇතිකරගැනීමට හැකිවනු ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම වසර පුරාවටම සෙනසුරුගේ ඒරාශ්ටක අපලයට මුහුණ දීමට සිදුවෙයි.වසර ආරම්බයේදී ආර්තික තත්වය තරමක ගැටලුකාරි බවක් ඇතිකරවයි.අදික වියදම් සිදුවේ.ඇදුම් පැලදුම් මිලදී ගැනීමට , නිවසේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සිදුකිරීමට නිවසට පැමිණෙන හිතමිත්‍රයන්ට සංග්‍රහ කිරීමට , උත්සව පැවැත්වීමට , දුර බැහැර ගමන් බිමන් යෑමට වියදම් සිදුවේ.පැවති මානසික අසහනකාරී බවට මුල් මාස කිහිපය තුල තරමක සැනසිලිදායක බවක් ඇතිවනවා ඇත.විවාහ මංගල අවස්තා උදාවේ.එවැනි උත්සව අවස්තාවන් සදහා සහබාගීවීමට ලැබේ.මුල් මාස පහක පමණ කාලය තුල නව හිතමිත්‍ර සබදතාවයන් ඇතිවේ.ආදර ප්‍රේම සබදතා ඇතිවේ.හිතමිත්‍රයන් සමග සතුටින් කාලය ගතකිරීමට අවස්තාව සැලසෙනා කාලයකි.මෙවැනි කටයුතු තුලින් තමන් ඉතිරි කල ධනයට මුදලට හානි ඇතිවේ.වගකීම් මගහැරී යයි.රැකියාවේ සහ පවුල් දිවියේ වගකීම් නිසි ආකාරයෙන් ඉටුවන්නේ නැත.ඉගෙනීම් කටයුතු සාර්තකව පවත්වාගෙන යාමට හැකිවූවත් බාහිර කටයුතු සදහා වැඩි අවස්තාවක් උදාවේ.එම නිසා පොත පතේ වැඩ මගහැරේ.තරග ක්‍රිඩා ආදියෙන් ජය හිමිවේ.තමාගේ බලය ශක්තිය ක්‍රියාත්මකවන , එයින් යහපතක් ඇතිකරගැනීමට හැකිවන කාලයකි.කාම රාගී සිතුවිලි පාලනයකරගත යුතුය.හිතමිත්‍ර සබදතා සීමාසහිතව පවත්වාගත යුතුය.නැතිනම් වසර මැද කාලය වනවිට තත්වයට ගෞරවයට හානි සිදුවීමට , රහස් හෙළිවීමට , ඒ හරහා පවුලේ , නිවසේ සමගියට සාමයට හානි සිදුවීමට අවස්තා යෙදෙනවා ඇත.වසර මුලදී ඇතිවන සහනදායී තත්වය ක්‍රමානුකූලව භාවිතා නොකිරීම හේතුවෙන් වසර මැදදී නොසිතූ ආකාරයේ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.

මැයි මාසය පමණ වනවිට ඉහත කී සහනදායී බව දුරස්වී යයි.සිතට මනසට අසහනකාරී තත්වයන් ඇතිවේ.ආදර ප්‍රේම සබදතා පැවතීයේ නම් ඒවා සම්බන්ධව ගැටලුකාරී තත්වයන් මතුවී එයි.රහස් හෙලිවේදැයි බියක් සැකයක් සිතේ ඇතිවේ.ඇසුරු කල අය අතරින් වෙන්ව දුරස්ව කටයුතු කිරීමට සිදුවනවා ඇත.නිවසේ ආලෝකමත් ගතිය පහවී යයි.නිවසේ අසනීපයකින් පෙළෙන්නෙකු හෝ කරදර කාරයෙකු සිටිනා කාලයකි.එය සිතට තදින් වදදෙන ගැටලුවක් වනු ඇත.නිතර සිතට බිය සැක සාංකා ඇතිවේ.සොර සතුරු බිය ඇතිවේ.අස්තාවර මානසිකත්වයක් සහිතයි.තමාගේ වටිනාකම් ක්‍රමයෙන් අඩුවී යයි.සිතේ තන්නහවක් ඇතිවේ.ආර්තික තත්වයට තදින් බලපෑම් ඇතිවනු ඇත.පවුලේ වැඩිහිටියෙකුට මාරක අපල සහිතයි.පියාට සහ මවටද ගුණදායක නැත.තම දේපල ඉඩකඩම් , අයිතිවාසිකම් පිලිබදව ගැටලු මතුවේ.රැකියාවේ දුෂ්කරතා හෝ ස්තාන මරු , ප්‍රධානීන්ගේ අප්‍රසාධය ඇතිවේ.තම වගකීම් මගහැරී යයි.නිවස පිලිබදවත් , වෙනත් වගකීම් පිලිබදවත් වෙනදාට වඩා සොයා බලන්නට සිදුවේ.මෙවැනි තත්වයන් නිසා ඔබගේ වෙනදා පැවති පිලිවෙල , ක්‍රමාණුකූල බවට හානි සිදුවේ.සතා සර්පයාගෙන් , සුරතලාගෙන් පවා කරදර විපත් මතුවනු ඇත.කෙසේ නමුත් මෙවැනි තත්වයන් තුල උවද විවාහ අපේක්ෂාවන් ඉටුකරගැනීමට හැකිවේ.උත්සව අවස්තා ආදිය යෙදේ.ඒ සදහා අමතර වියදම් සිදුවේ.උත්සව අවස්තාවක් යෙදුන විට එයට මුල සිටම සූදානම් වීමට සිදුවේ.පැවති ඇදුම් පැලදුම් නැවත භාවිතා කරන්නට බැරි තත්වයේ පවතිනු ඇත.රැකියා මාරුවක් , වෙනසක් , ස්තාන මාරුවක් හෝ උසස්වීමක් බලාපොරොත්තු වන්නේ නම් හෝ විදෙස්ගතවීම් බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා අවස්තාව සැලසෙනවා ඇත.උත්සහයෙන් තොරව නිරායාසයෙන් ලැබීමක් වාසනාවක් ක්‍රියාත්මක නොවන කාලයකි.විවාහ දිවිය පවුල් ජීවිතය වෙනදා තත්වයට වඩා දුෂ්කරතා සහිතව ගෙවීයයි.දරුවන් සම්බන්ධව සෞඛ්‍ය දුර්වලතා ආදිය යෙදේ.සහකරු සහකාරිය අතර සමගියට බාධා ඇතිවේ.කේලම් කටකතා ආදියට මුහුණ දීමට සිදුවේ.සැකය සහ අනියත බිය සිතේ ඇතිවේ.හැසිරීම් රවාට වෙනදා පැවතියාට වඩා වෙනස් ආකාර ගනී.

අගෝස්තු මාසය පසුවන විට රැකියාව සම්බන්ධව ඇවති අවහිරතාවයන් තරමක් දුරට හෝ සමනය කරගැනීමට හැකිවෙයි.නමුත් ආදායම සහ වියදම අතර පරතරය ඉහල යයි.මුදල් ආයෝජනය කිරීමට මගපෙන්වීම් ලැබේ.ණයට ඉල්ලා සිටින්නන් ඔබ සොයා පැමිණේ.නෑ බෑ කියන්නට බැරි තරමේ අය ඔබගෙන් උදව් උපකාර බලාපොරොත්තු වනු ඇත.ණයට දීමට සිදුවේ.මිතුරාත් මුදලත් හිතවත්කමත් අහිමිවේ.ඔබටද වෙනත් ආකාරයන්ගෙන් මුදල් ණයට පොලියට ලබාගැනීමට සිදුවෙයි.පැවති ණය තුරුස් ගෙවාගැනීමට නොහැකිව බොහෝ අපහසුතාවයන්ට පත්වනවා ඇත.නින්දා අපහාස අසන්නට සිදුවේ.මේ අතරම රහස් වැඩකටයුතු සදහා සිත යොමුවේ.එක් එක් අයගේ එක් එක් මගපෙන්වීම් ලැබේ.නමුත් තමන්ගේ ගැටලුවට නිසි පිලිතුරක් කිසිවෙකුගෙන් නොලැබීයයි.සෞඛ්‍ය ගැටලු මතුවේ.හදිසි වියදම් යෙදේ.නිවසේ හෝ පවුලට ඉතා කිට්ටු අයෙකුගේ මරණයකට සහබාගීවීමට සිදුවිය හැකිය.වැඩිහිටි සහෝදරයෙකුට අසුබ කාලයකි.අසමගියක් හෝ දුරස්වීමක් හෝ ඇතිකරයි.හිත මිත්‍රයන් වංචා කරයි.වයසින් වැඩි නොගැලපෙන සමාජය සමග සබදතා පැවැත්වීමටසිදුවේ.වෙහෙස මහන්සියෙන් , සිතේ කලබලයෙන් සහ අසහනකාරී ලෙස කාලය ගතවෙයි.වසරේ අවසාන කාලය වනවිට උසස් අධ්‍යාපනයේ නිරතවන්නන්ට ගැටලු මතුවේ.ඉගෙනීම් අතපසුකරගනී.අතපසුවීමට කරුණු ඇතිවේ.රහස් කටයුතු සහ රහස් ගමන් බිමන් ඇතිවේ.පිනට දහමට උවත් කටයුතු සිදුවන්නේ රහසේය.රහස් සබදතා ඇතිවිය හැකිය.රහස් හෙළිවීමට හැකි , මිතුරාම සතුරු කම් කරනා කාලයකි.සමාජයේ අප්‍රසාධයට පත්විය හැකිය.ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කිරීම ඉතා වැදගත්වේ.ඇතිවන ඕනෑම ආකාරයක ගැටලුවක් දුරදිග , ගැටලු ඇතිකරයි.එම නිසා අනවශ්‍ය සබදතා හෝ හිතවත්කම් අත්හැර කටයුතු කිරීම යහපත්වනු ඇත.විවාහ දිවියේ සැක සංකාවන් ඇතිවන , අසමගිකම් ඇතිවන , ඒ හරහා සමස්ත පවුල් දිවිය ගැටලුකාරී බවට ලක්විය හැකිය.එමෙන්ම විවාහ දිවිය තුල සමගියෙන් සාමයෙන් කටයුතු කලද නිතරම පාහේ අනෙක් පාර්ශවයේ පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට , සෞඛ්‍ය ගැටලු සහ ආර්තික ගැටලු සදහා මුහුණ දීමට සිදුවනු ඇත.වෘශ්චික ලග්නයේ ඔබ 2017 වසර පුරාවට ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කල යුතුය.කට වචන දුරදිග බලා බාවිතාකල යුතුය.ලැබීමට තිබූ ලැබීම පවා කට වචනය සහ නොයිවසිලිමත්කම මත අහිමිවී යා හැකිය.පපුව සම්බන්ධවත් , යටි බඩ සම්බන්ධවත් , පාදය , නාලිදන්ට වැඩි ස්තාන සම්බන්ධවත් ගැටලු ඇතිවනු ඇත.

ධනු ලග්නය 

ධනු ලග්නයෙන් උපන් ඔබට වසරේ මුල් කාලය එතරම් සුබදායක නැත.හිසේ කැක්කුම් , මානසික පීඩා , මානසික අස්තාවරත්වයන් ඇතිකරයි.අසල්වැසි සබදතාවයන් දුරස්වේ.හිතවතුන්ගේ වෙනසක් ඇතිවේ.තරහව කෝපය සිතේ ඇතිවේ.උත්සහ වන්ත නමුත් කලබලය හේතුවෙන් කටයුතු ව්‍යාකූල කරයි.මුදල් සම්බන්ධ දුෂ්කරතාවයන් මතුවේ.ලැබීමට තිබූ මුදල් ප්‍රමාදවෙයි.රැකියා ස්තානයේත් ආදායම් මාර්ග වලත් ගැටලු මතුවේ.දුෂ්කර ගමන් බිමන් යාමට සිදුවේ.රැකියාවට සම්බන්ධ කරුණු නිසා නිවසින් වැඩි වේලාවක් පිටව සිටීමට සිදුවනු ඇත.මේ අතරම ආගමික කටයුතු , සාජීය කටයුතු සදහා සහබාගී වීමට අවස්තාව ලැබේ.උත්සව අවස්තා ප්‍රිය සම්භාෂණ ආදියට සහබාගී වන්නට සිදුවේ.ඒ අතර තුරදී තමා පිලිබදව අනෙකා ගුණ දොස් විවේචන සිදුකරයි.අසමගිකම් සහ ගැටලු ඇතිකරගැනීමට සිදුවනු ඇත.බොරු කාරයන්ගේ චාටු බස් ඇතිවේ.යහපත් පුද්ගලයා දුරස්වේ.අයහපත් සහ නිසි දක්ෂතාවයෙන් තොර , අවස්තාවාදී පුද්ගලයන් සමග කටයුතු කිරීමට සිදුවේ.සේවකයාම වංචා කරයි.මුදලට ගිජුවේ.තන්නහව ඇතිවේ.අයුතු මාර්ග මගින් ධනය ඉපැයීමට හෝ ලාබ ලැබීමට සිතයි.මෙවැනි කටයුතු අනෙකා හදුනාගනී.උදව්වක් උපකාරයක් කිරීමට සිටි අය පවා වෙන්වීම සිදුවෙයි.තමන් කරන කියන කටයුතු වල කිසියම් අඩුපාඩුවක් ඇතිවේ.විවේචන අසන්නට සිදුවේ.තමා සිදුකල කටයුතු අතහැර දැමීමට සිදුවිය හැකිය.පෙර කල කටයුතුවල අඩුපාඩු නැවත නැවත නිවැරදිකරන්නට සිදුවනු ඇත.මෙතෙක් ඕනෑම කටයුත්තක් පිලිබදව පවත්වාගෙන ආ තත්වය ගෞරවය අහිමිවීමක් සිදුවිය හැකි අතරම තමා පිලිබදව අප්‍රසාධය අනෙකා තුල ඇතිවෙයි.රැකියාවේත් ආදායමේත් පසුබෑමක් ඇතිවන අතර අතට ගන්නා මාසික වැටුප නිසිලෙස කළමණාකරනය කරගැනීමට අපහසුවෙයි.වියදම් වූවේ කුමකටදැයි හෝ හදුනාගැනීමට අපහසුවිය හැකිය.අහිමිවන තත්වය ගෞරවය රැකගැනීමට උනන්දුවෙන් කටයුතු කරන අතර ඒ සදහා අමතර වියදම් දැරීමටද සිදුවනවා ඇත.මැයි මාසය පමණවන විට තදබල ගැටලුපීඩා මතුවනු ඇත.විශේෂයෙන් ඇතිවන ගැටලු මානසිකත්වයට හානි ඇතිකරවයි.විවාහයත් අසල්වැසි සබදතාත් ගැටලුකාරීවේ.රැකියාව සම්බන්ධව අගෝස්තු මාසයෙන් ඉදිරියට තවදුරටත් ගැටලු ඇතිකල හැකියි.ආදායම් නොලැබීයයි.හදිසි අසනීප තත්වයන් මතුවී එයි.ඒ පිලිබදව සොයා බැලීමට සිදුවෙයි.

අගෝස්තු මාසයෙන් ඉදිරියට නැවතත් අසුබ දායක තත්වයන් වර්ධනය වෙයි.දරුවන් සම්බන්ධව ගැටලු ඇතිවනවා ඇත.මිතුරන් වංචා කරයි.මිතුරෙකු පිලිබදව අසුබ ආරංචියක් ඇසීමට සිදුවෙයි.මුත්‍ර ආබාධයන් හෝ ලේ දුර්වලතා , පෝශණ දුර්වලතා මතුවේ.හදිසියේ අසනීප මතුවෙයි.හදිසි උණ තත්වයන් ඇතිවිය හැකියි.හදිසි සැත්කම් ආදිය උවත් ඇතිවීමට ඉඩ පවතී.ආදර ප්‍රේම සබදතා අසමතය කරා යොමුවේ.රැවටීම් වලට හසුවන කාලයයි.ප්‍රශ්ණ ගැටලු බොහෝ ඇතිවූවත් විසදා ගැනීමට අවස්තා පවතී.නමුත් කලබලයට පත්වීම මත ඇතිවන ගැටලු වර්ධනය වනු ඇත.මෙවැනි අසුබ තත්වයන් පවතිද්දී විවාහ බලාපොරොත්තුවෙන් සිටිනා අයට විවාහය සිදුකරගැනීමට අවස්තාව සැලසේ.රැකියාව ලැබේ.නමුත් බලාපොරොත්තු වූ ආකාරයෙන් නොවේ.දරු සම්පත් සහිත කාලයක් වන අතරම දරු ගැබට හානිවීමටද අවස්තාව පවතී.ඉගෙනීම් කටයුතු බාධා පීඩා කරදර මැද සිදුකිරීමට සිදුවනු ඇත.නමුත් බාධා කරදර මැද උවද අධ්‍යාපනයෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.සමස්තයක් ලෙස ධනු ලග්නයේ ඔබට ලබන වසර යහපත් වසරක් යැයි කිව නොහැක.රැකියාවත් , ආදායමත් , ලැබීමත් , විවාහය සහ ගෘහ ජීවන තත්වයත් සෞඛ්‍ය තත්වයත් පිලිබදව විශේෂ අවධානයකින් කටයුතු කිරීම යහපත්වනු ඇත.සිත මනස නිරවුල්ව පවත්වාගත යුතුය.අනවශ්‍ය හිතවත්කම් ඇතිනොකරගත යුතුය.සහෝදර සහෝදරියන් සහ අසල්වැසියන් සමග හිතවත්කම් සීමාකල යුතුය.මුදල් ගණුදෙනු වලදී දෙවරක් සිතාබලා කලයුතු කල යුතුය.එමෙන්ම තම දේපල හෝ වටිනා දෑ සුරක්ෂිත කරගැනීමත් , රැකියාවේ වගකීම් සහගතව කටයුතු කිරීමත් , සේවකයාගේ කටයුතු පිලිබදව නිතර සොයා බලා කටයුතු කිරීමත් යහපති.

මකර ලග්නය

ඔබට මෙම වසර ආරම්බය එතරම් සුබදායක වන්නේ නැත.මානසික පීඩා කරද , සිතේ සැකය , බිය සහිතව වසර ආරම්බ වනු ඇත.දරුවන් සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා ඇත.දරුවන් අසනීපවීම් හෝ දරුවන් සම්බන්ධව වෙනත් ගැටලු මතුවනවා ඇත.මුහුණේ උෂ්ණ බිබිලි හෝ උෂ්ණ තත්වයන් ඇතිවේ.කතාකරන වචන නිරවුල් නැත.හිසේ කැක්කුම් ඇතිවේ.හදිසි උණ තත්වයක් මතුවනු ඇත.ක්‍රමයෙන් රැකියාවේ ගැටලු දුෂ්කරතා මතුවේ.රැකියා ස්තානයේ උත්සව අවස්තා යෙදේ.නිවසට නෑ හිතවතුන්ගේ පැමිණීම සිදුවේ.හිතවතුන්ම තමන්ගෙ උදව් උපකාර බලාපොරොත්තු වෙයි.බෑ කියන්නට බැරි පුද්ගලයන්ගේ ගැටලු තමන්ටද ගැටලුවක් විය හැකියි.බාල සහෝදරියක සහෝදරයෙකු සම්බන්ධවද වියදම් ඇතිකරයි.අසල්වැසි නිවෙස්වල උත්සව යෙදේ.ඒ සදහා තමන්ගේ ශ්‍රම දායකත්වය ලබාදීමට සිදුවේ.ඒ අතර තුර ඔවුන් සමග පවත්වන සබදතා පලුදුවී යයි.දේපලක් මිලදී ගැනීමට , අත්‍යාවශ්‍ය දෑ මිලදී ගැනීමට අවස්තාව උදාවේ.කොතරම් අපහසුකම් පැවතියත් අලංකාරය පිලිබදව කටයුතු සිදුවනු ඇත.නිවාස දේපල අලුත් වැඩියා කිරීම් සිදුවනු ඇත.ආගමික කටයුතු නිවසේ සුදානම් කරයි.දාන මාන පුණ්‍යකර්ම සදහා අවස්තාව උදාවේ.වන්දනා ගමන් යයි.වෙහෙසකර දුෂ්කර ගමන් බිමන් ඇතිකරයි.පවුලේ වැඩිහිටියෙකුට අපලදායකයි.විශේෂයෙන් මව් පාර්ශවයට අසුබ පවතී.මුදල් ආයෝජනයන් අලාබ ඇතිකරයි.මුදල් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය.අනවශ්‍ය වියදම් සහ වෙනත් අයගේ මගපෙන්වීම් අනුව කටයුතු නොකල යුතුය.ඇතිවන ආර්තික දුෂ්කරතා දිගින් දිගටම ගැටලු මතුකරමින් පවතිනු ඇත.තමා කරන කියන කටයුතු සම්බන්ධව දෙවරක් සිතා බැලීමට සිදුවෙයි.යම් දෙයක් සිදුකර එහි ගැටලු මතුවනවිට , කල වැරද්දත් මෝඩකමත් තේරුම් යයි.එම නිසා යම් දෙයක් ආරම්බ කිරීමට ප්‍රතමව දෙවරක් නොව වැඩි වාර ගණනක් සිතා බලා නිවැරදි තීරණ ගතයුතුය.දෙගිඩියාවෙන් චකිතයෙන් යුතුව කිසිදු කටයුත්තක් නොකල යුතුය.කාලයත් සමග තමාට තමන් පිලිබදවම අතෘප්තිකර බවක් ඇතිවනවා ඇත.

වසර මැද කාලය යම් ආකාරයකින් සහනදායී බවක් ඇතිවනු ඇත.නැවත වරක් ආපසු හැරී බැලීමට කාලය උදාවේ.සිදුවූ අතපසුවීම් ආදිය නැවත නිවැරදි කරගැනීමට අවස්තාව කෙටි කාලයකට හිමිවේ.ජුලි මාසය පසුවනවිට විවාහය පිලිබදව ගැටලු මතුවේ.විශේෂයෙන් සහකරු හෝ සහකාරිය සම්බන්ධව විශේෂ සෞඛ්‍ය දුර්වලතාවයන් මතුවනු ඇත.පවුලේ සමගියටද බාධා මතුවේ.විවාහ ප්‍රමාදයන් මතුවේ.විවාහ බලාපොරොත්තු බිදවැටීමක් සිදුවේ.අගෝස්තු මාසය තුල රාහු හත්වැන්නටත් කේතු ලග්නයටත් පැමිණේ.හදිසි අසනීපයක් මතුවේ.දින කිහිපයක් හෝ එක්තැන්ව තනිව සිටීමට , ප්‍රතිකාර ලැබීමට රෝහල්ගතවීමට අවස්තා පවතී.සිතේ තදබල මානසික ගැටලුවක් ඇතිකරයි.නිදිබර ගතියෙන් කාලයගතවේ.අමනුෂ්‍ය දෝශ , තනිකම් දෝශ ඇතිවේ.විවාහයේ ගැටලු මතුවේ.කොතරම් හොද කලත් හොදක් අසන්නට ලැබෙන්නේ නැත.වැඩිහිටියන් දෙමාපියන් සමගද දුරස්වීම් සිදුවේ.විදෙස්ගතවීම් සදහා සුදානමින් සිටියේ නම් අගෝස්තුවෙන් ඉදිරියට කාලයේ එම අවස්තා ලැබේ.ප්‍රමාධ වෙමින් , අමතර වියදම් දරමින් , පවුලේ ගැටලු ආදිය පවතිද්දී විදෙස්ගතවීම ලැබේ.එමෙන්ම අගෝස්තු මාසය පසුවනවිට , රැකියාවේ ස්තාන මාරු සිදුවීමට අවස්තාව ලැබෙනු ඇත.සමස්තයක් ලෙස 2017 වසර ඔබට එතරම් සුබදායක නොවනු ඇත.ජීවිතයේ දිගුකාලීන ප්‍රශ්ණ ගැටලු බොහොමයක ආරම්බක කාලය වනු ඇත.එම නිසා හදිසි තීරණ යටතේ කටයුතු කිරීම යහපත් නොවේ.විශේෂයෙන් මුදල් සම්බන්ධ කටයුතු වලදී බොහෝ සෙයින් සැලකිලිමත්වීම යහපත්වනු ඇත.පාදයේ ආබාධ මතුකරයි.වම් පාදයේ වාතාබාධයක් හෝ ඇතිවනු ඇත.හදිසි අනතුරු ආදිය සිදුවිය හැකිය.බෝවන රෝග , දෙයියන්ගේ ලෙඩ , සමේ රෝග මතුවිය හැකිය.එමෙන්ම මුහුණේ වෙනදා පැවති ප්‍රියකරු බව දුරුවේ.අලසකම් , කම්මැලිකම් සහ මලානික ගති මතුවනවා ඇත.දත් සම්බන්ධවත් යටිබඩ සහ ලිංගාශ්‍රිතවත් දුබලතා මතුවනු ඇත.නීතිමය ගැටලු බාධා උවත් ඇතිකරයි.රෝගීන් බැලීමට හෝ නිතර නිතර රෝහල් කරා යාමට සිදුවෙයි.එවැනි අසරණ වූවන්ගේ කටයුතු කිරීමට සිදුවේ.සිතේ හිතුවක්කාර ගතිය ඇතිවන අතර සිතූ මනාපයට කටයුතු සිදුවනු ඇත.තත්වයට ගෞරවයට හානි සිදුවන සිදුවීම් , කේලම් කටකතා වැනි තත්වයන් මතුවනු ඇත.ඉතා බුද්ධිමත්ව කටයුතු කලයුතු වසරකි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2017 වසර සුබදායක යැයි කිවහැකිය.රැකියාවේ ඇතිවී පැවති බාධා අවහිරතා මගහැරී යයි.විශේෂ ලාබ ආදායම් ලබයි.කාර්‍යාලයේ විශේෂ ගෞරවයක් පිලිගැනීමක් හිමිවේ.රැකියාවේ උසස්වීම් හිමිවේ.අමනාපයෙන් සිටි අය මිතුරුවේ.වැදගත් හිතමිත්‍ර සබදතා ඇතිවේ.උසස් සමාජය සමග සබදතා පැවැත්වීමට අවස්තාව හිමිවෙයි.තම දැනුමෙන් උගත්කමින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට හැකිවන කාලයකි.ඉගෙනීමේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.ස්තුති ප්‍රසංසා ගෞරවය හිමිවෙයි.ලාබ බලාපොරොත්තුවෙන් ආරම්බ කරන කටයුතු සාර්තක කරගැනීමට හැකිවෙයි.ආගම දහම කෙරෙහි පැහැදීමක් ඇතිවේ.ගුප්ත විද්‍යාවෙන් ඵල ලැබීමට හැකිවෙයි.ගුප්ත විද්‍යාත්මක හෝ පාරම්පරික දැනුමක් එකතුකරගැනීමට අවස්තාව හිමිවේ.වෙදකම හෙදකම උගනින්නට , එවැනි කටයුතු තුලින් ලාබ ලැබීමට හැකියාව ලැබෙයි.වසරේ මුල් කාලසීමාව යහපත්වන අතරම වසරේ මැද කාලය තම පියාට , පවුලේ වැඩිහිටියන්ට අසුබදායක බවක් ඇතිකරයි.සෞඛ්‍ය ගැටලු මතුවේ.ඒ සදහා අමතර වියදම් දැරීමට සිදුවනවා ඇත.තම අයිතිවාසිකම් දේපල සම්බන්ධව සුලුවෙන් හෝ ගැටලු මතුවනු ඇත.විවාහයෙන් ලැබීමට දායාද ආදිය පැවතියේ නම් උරුමයෙන් ලැබීම් පැවතියේ නම් ඒ සම්බන්ධව සොයා බැලීමට , මූලික කටයුතු කිරීමට අවස්තාව සැලසෙනු ඇත.විවාහ යෝජනා ස්තිරකර ගැනීමට හැකිය.අනාගතයේ සාර්තක ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ විශේෂ සබදතා ඇතිවනු ඇත.මේ අතරම ජුනි මාසය පසුවන විට වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග පවතින සබදතාවයන් අයහපත්වෙයි.ලෑබීමට පැවති ලාබයක් ප්‍රමාදවීමට හෝ අහිමිවීමට ඉඩකඩ පවතී.තරග ක්‍රිඩා කටයුතු වලදී හදිසි අනතුරු  , අස්ති බිදීම් ආදිය සිදුවීමටත් ඉඩකඩ පවතී.කෙටි ගමන් බිමන් නිතර ඇතිවේ.රාත්‍රී ගමන් යෙදේ.වසවිසෙන් හානි සිදුවිය හැකියි.සතා සිව්පාවාගෙන් හානි සිදුවිය හැකියි.අසල්වැසියෙකුගේ හෝ හිතමිත්‍රයෙකුගේ ගැටලුවකට මුහුණ දීමට සිදුවනවා ඇත.ආදර ප්‍රේම සබදතාවලත් , විවාහ දිවියේත් , ගෘහ ජීවිතයේත් සුලුවෙන් හෝ ගැටලු ඇතිවෙයි.ජුලි මාසයේ සිට අගෝස්තු අවසානය දක්වා කාලය ඉතා බුද්ධිමත්ව , ඉවසීමෙන් කටයුතු කල යුතුය.

අගෝස්තු මාසය පසුවන විට තත්වය නැවත යහපත් අතට යොමුවේ.දේපල කටයුතු වල සාර්තක ප්‍රතිඵල ලැබේ.තමාට හිමිවිය යුතු , ප්‍රමාද වෙමින් පැවති බොහෝ දෑ හිමිකරගැනීමට හැකිවෙයි.භූමි ලාබ සහිත කාලයකි.දහඩිය මහන්සියෙන් සහ කැපවීමෙන් වගකීමෙන් කටයුතු සිදුවන අතර මහන්සියට වඩා යහපත් ප්‍රතිඵලයක් ලැබීමට හැකිය.ඉගෙනීම් කටයුතුද සාර්තකවේ.පවුලට නව සාමාජිකයන් එකතුවේ.විවාහය සිදුවේ.දරුසම්පත් ලාබයක් හිමිය.ගෞරවය හිමිවෙයි.ප්‍රධානත්වය සහ ගෞරවය හිමිවෙයි.ධන ලාබ හිමිය.හිතමිත්‍ර ලාබ හිමිය.කට වචනය භාවිතාකිරීමෙන් තමා කෙරෙහි අනෙකා තුල පැහැදීමක් ඇතිවනු ඇත.විශේෂ වර්ප්‍රසාධ ලබාගැනීමට සැප පහසුවෙන් ගතකිරීමට අවස්තාව හිමිවනු ඇත.යහපත් සාධාරන කටයුතු ආරම්බයට ඉතාමත් යහපත් කාලයක්වනු ඇත.ආරම්බ කරන කටයුතු තුලින් නිසි ලාබයක් , ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.2020 වසර වන විට ලග්න ඒරාශ්ටකය ආරම්බ වන නිසාත් , ලග්නාධිපති වූ සෙනසුරු සියලු ලැබීම් පවසන එකොලොස්වැන්නේ ගමන්කිරීමත් අනුව , 2017 න් ඇරබෙන කාලය ඔබට විශේෂ සුබදායක බවක් ඇතිකරනවා ඇත.2020 න් ඉදිරියට කාලය අස්තාවර ගැටලුකාරී තත්වයන් සමග ගෙවීයන නිසා , ඊට පෙර කාලය සුබදායක ලෙස ගෙවීයනු ඇත.ඉතිරියක් ඇතිකරගත හැකි , ජීවිතයේ මෙතෙක් ඉටුනොවූ බලාපොරොත්තුවක් වේ නම් ඒවා ඉටුකරගැනීමට හැකිවන සීමා සහිත කාලයකි.සතුරන් පරදා තම බලය ක්‍රියාත්මක කරගැනීමට හැකිවනු ඇත.වසර මැද කාලයේ ඇතිවන සුලු අසුබදායක බව නිසිලෙස කලමණාකරනය කරගනිමින් අනාගත වැඩපිළිවෙල නිරවුල් කරගෙන කටයුතු කිරීමත් , බුද්ධිය සහ අත්දැකීම් නිසි ලෙස භාවිතාවට ගැනීමත් තුල 2017 වසර පමණක් නොව ඉදිරි වසර තුනක කාලයම යහපත් කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.ස්නායුගත දුර්වලතා ඇතිවිය හැකිය.ලේ දුර්වලතාවයන් මතුවනවා ඇත.පාදයේ කල්පවතින රෝග තත්වයක් මතුවුය හැකිය.සමේ රෝග සහ රහස් රෝග දුර්වලතා මතුවනු ඇත.මුත්‍ර ගල් වැනි තත්වයන්ද , විටින් විට බඩ වියලීම , ආමවාතය ආදිය ඇතිවීමටත් ඉඩකඩ පවතී.සුරතල් සතුන්ගෙන් කරදර මතුවෙයි.වසවිසෙන් ප්‍රවේසම් විය යුතුයි.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබට සතුට සැනසීම සහිතව , අදික වියදම් අමතර වියදම් සහිතව වසර ආරම්බවෙයි.ප්‍රමාද වෙමින් පැවති විවාහය ස්තිර කරගැනීමට හෝ විවාහය සිදුකරගැනීමට වසරේ මුල් කාලය තුල හැකියාව ලැබෙනු ඇත.ආදර ප්‍රේම සබදතා ඇතිවේ.බාහිර සමාජගේ ආකර්ශණය සහ පිලිගැනීම ලැබේ.ගෞරවය පෙරදැරිව කටයුතු කිරීමට හැකිවේ.ඉගෙනීම් කටයුතු සාර්තකව සතුටින් සහ ඕනෑකමින් යුතුව පවත්වාගෙන යාමට හැකිවේ.පාසලේ අධ්‍යාපන මධ්‍යස්තානයේ දක්ෂතා සහිත කැපී පෙනෙනා චරිතයක් වීමට හැකියාව අවස්තාව හිමිවේ.හදිසි වියදම් සහිත කාලයක් උවත් , අලුත් දෑ මිලදී ගැනීමට හැකිවන අතර මිලදී ගන්නා ඕනෑම දෙයක් තමාට කිසියම් ප්‍රයෝජනයක් ගතහැකි දෙයක් වනු ඇත.උත්සව අවස්තා විනෝද චාරිකා ආදියට සම්බන්ධ වීමටත් , හිත මිත්‍රයන් සමග ප්‍රිතියෙන් කල් ගෙවීමටත් වසර මුල් කාලයේදී ඔබට අවස්තාව හිමිවනවා ඇත.ආසාවන් හැගීම් බොහෝ දුරට පාලනය කරගනිමින් කටයුතු කරයි.බුද්ධිය ප්‍රමුඛව අනාගත තීන්දු තීරණ ගන්නවා ඇත.ගෘහ ජීවිතය සහ පවුල් දිවිය සාමකාමීව ගතවනු ඇත.නමුත් රැකියාව සම්බන්ධව කිසියම් ගැටලුකාරී පීඩාකාරී , අස්තාවර බවක් වසරේ මුල් කාලයේ සුලුවෙන් හෝ ඇතිවනු ඇත.පියා සම්බන්ධවත් වැඩිහිටියන් සම්බන්ධවත් සුලුවෙන් හෝ ගැටලුකාරී තත්වයක් මතුවෙනු ඇත.දරුඵල ලාබ සහිතයි.පවුලට නව සාමාජියකන් , ඤාතීන් හිතමිත්‍රයන් එක්වන කාලයකි.මාර්තු මාසය පසුවන විට පවතින නිදහස් මානසිකත්වය , තරමක් දුරට හෝ තම තත්වය ගෞරවය පිලිබදව ගැටලු ඇතිකරවනු ඇත.හදිසි කෝපය ඇතිවේ.කාම රාගී බව වර්ධනයවේ.එම අවශ්‍යතා කුමන ආකාරයෙන් හෝ සංතර්පණය කරගැනීමේ සිතුවිලි පහලවේ.කටට රසට ආහාර අවශ්‍ය වන බාහිර අලංකාරය පිලිබදව වෙනදාට වඩා සැලකිලිමත්ව කාලයකි.එමෙන්ම මෙවැනි කටයුතු හේතුවෙන් හදිසි අසනීප තත්වයන් ඇතිවීමට , තදින් උණ රෝගයට හෝ හිසේ කැක්කුම් ගතියක් මතුවන කාලයක් වන අතර දියවැඩියාව , කොලෙස්ට්‍රරෝල් වැනි දුර්වලතා තදින් වර්ධනය වීමක් සිදුවනු ඇත.මෙවැනි තත්වයන් නිසා රැකියාව මගහැරෙන්නට , රැකියාවේ වගකීම් මගහැරෙන්නට හේතු ඇතිවේ.ප්‍රධානීන්ගේ අප්‍රසාධය ඇතිවීමට , පවත්වාගෙන රැකියා කටයුතු දුෂ්කර වීමට රැකියාව හේතුවෙන් දුර බැහැර වෙහෙසකර ගමන් යෙදීමට ඉඩ පවතී.

මැයි මාසය දක්වාම විශේෂ අයහපතක් නැතත් පවතින සහනදායී නිදහස් බව හරහා තම ධනයට , ඉතිරිකිරීම සම්බන්ධව ගැටලු ඇතිකරයි.ජුනි මාසයේ අගෝස්තු අග දක්වා කාලය ව්‍යාකූල තත්වයක් ඇතිවේ.රැකියාව අස්තාවර වන අතර වෙනදාට වඩා රැකියාවේ වගකීම්ද දුෂ්කරතාවයන්ද මතුවනවා ඇත.පියාට පවුලේ වැඩිහිටියන්ටත් , ගෘහ මානසික නිදහසටත් විවාහයේ අඹුසැමි සබදතාවය පිලිබදවත් ගැටලුකාරී බවක් ඇතිවනු ඇත.තත්වයට ගෞරවයට හානි සිදුවීම් පවතී.විවාහය සම්බන්ධව කලකිරීම් පසුතැවීම් ඇතිකරවයි.තම අයිතිවාසිකම් හෝ දේපල පිලිබදව ගැටලු මතුවේ.හිතමිත්‍ර අමනාප කම් දුරස්වීම් , රැවටීම් ආදියට මුහුණ දීමට සිදුවනු ඇත.ස්නායුගත රෝගාබාධයන් හෝ ආහාර විසවීම් , වසවිස ශරීරගතවීම් සිදුවිමට ඉඩ පවතී.එමෙන්ම කල්පවතින රෝග තත්වයන් හෝ දීර්ගකාලින්න ප්‍රතිකාරයන් ලබනා රෝග වර්ධනය වීමක් සිදුවනු ඇත.එමෙන්ම නිතර නිතර මතුවන පාදයේ ආබාධයක් උත්සන්න විය හැකිය.රෝහල්ගතවීම් හෝ හදිසි ප්‍රතිකාර සදහා යොමුවීම් සහිතයි.ඉතා ඉවසීමෙන් සහ කල්පනාවෙන් කාලය ගතකල යුතු කාලයකි.අගෝස්තු මාසය අවසන් වන විට තත්වය නැවතත් සුබදායක වන නමුත් සැප්තැම්බර් මුල් කාලසීමාවේදී හදිසි රෝග තත්වයක් ඇතිවීමට හෝ තම තත්වයට ගෞරවයට හානිවීමක් සිදුවීමට වැඩි අවස්තාවක් පවතිනු ඇත.එමෙන්ම උෂ්ණ රෝග තත්වයන්ට , මුත්‍රා ආබාධයන්ට ලක්වීමටත් ශරීර ශක්තිය දුර්වලවීමක් සිදුවීමටත් , අලසගති මලානික ගති ඇතිවීමත් සිදුවනු ඇත.

සැප්තම්බර් මාසයේ සිට ඉදිරි කාලය ඉගෙනගන්නා දරුවන්ට යහපත් නැත.ඉගෙනීමේ බාධා අවහිරතා මතුවෙයි.ඉගෙනීමට අමතරව බාහිර කටයුතු සදහා යොමුවීමට සිදුවේ.දරුවන් සිටිනා දෙමාපියන්ට , සිය දරුවන්ගේ වෙනස්වීම් , හිතුවක්කාරකම් ආදියට මුහුණ දීමට සිදුවනු ඇත.එමෙන්ම හිතමිත්‍ර සබදතා වෙනස්වේ.කාලයක් සිට පවත්වාගෙන ආ හිතමිත්‍ර කමක් ආදර සබදතා දක්වා හෝ ආදර යෝජනා දක්වා වර්ධනය වනු ඇත.ආදරය ප්‍රේමය පිලිබද සිතුවිලි තුල කාම රාග සිතුවිලි අදික ලෙස ඇතිවේ.නොගැලපෙන සබදතා ඇතිවේ.තරුණ තරුණියන් ඉතා ප්‍රවේසමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.තරුණ දූ දරුවන් සිටිනා දෙමාපියන් දරුවන්ගේ ගමන් බිමන් , කටයුතු පිලිබදව සොයාබැලිය යුතුයි.පවුලටම අගෞරවයක් ඇතිවන ආකාරයේ සිදුවීම් ඇතිවිමට බොහෝ ඉඩකඩ පවතී.මේ කාලය වන විට රැකියාව පිලිබදවද දුෂ්කරතා මතුවනු ඇත.දුෂ්කරතා සහිත ස්තාන මාරුව හෝ ලැබීමට , කිසියම් ගැටලුවක් හේතුවෙන් රැකියාව අත්හිටවීමක් හෝ අසනීපයක් හේතුවෙන් රැකියාවට බාධා වීමක් සිදුවීමට අවස්තාව පවතී.සෞඛ්‍ය තත්වයත් ආත්ම විශ්වාසයත් බිදවැටේ.වසරේ මුල් කාලය යහපත් උවත් , වසර මැද කාලයේ සිට ඉදිරියට ක්‍රමයෙන් ගැටලුකාරී තත්වයන් මතුවනු ඇත.විශේෂයෙන් රැකියාව , අධ්‍යාපනය , දරුවන් , විවාහය සහ සෞඛ්‍ය තත්වයන් පිලිබදව සැලකිලිමත්විය යුතුය.එමෙන්ම හදිසි ගැබ් ගැනීම්ද , එම තත්වය හානිවීමකට ලක්වීමද සිදුවිය හැකි බැවින් කාන්තා පාර්ශවය විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කල යුතුමය.ලැබීම් සහිත කාලයක් උවත් , එම ලැබීම් සදහා කැපකිරීම් , අමතර කටයුතු , වෙහෙසවීම් ආදිය තුල ලැබීමත් සාර්තකත්වයත් ඇතිකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ජනක පී කුමාර 
http://www.hadahanalanka.com/2016/12/2017.html#.WElu9U-wHCM

**************************************************************************************